ජූලි මාසේ කළු උනේ ඇයි? - සුහර්ෂිණී ධර්මරත්න - Lanka News Web (LNW)

ජූලි මාසේ කළු උනේ ඇයි? - සුහර්ෂිණී ධර්මරත්න

ජූලි මාසය ලස්සනයි හරි
ඇසල මල් පෙති විසිරිලා
පවර දළදා සමිඳු පිදුමට
නුවර වීදිය සැරසිලා

ඇසල මසකලු අපේ මහසත්
මෙත් සිතින් නික්මන් කලේ
අම්මෙ මට තේරෙන්නෙ නෑ
ඇයි ජූලි මාසය කලු උනේ

බෙහෙත් බොනවට තල් හකුරු දෙන
ඩොක්ට නාදන් යාපනේ
බේත් එක්කම කැවිලි අරගෙන
කොළඹ කොටුවෙන් ගොඩ උනේ

කන්ද පාමුල හූ කියාගෙන
එදා දුම්රිය නැවතුනා
පීලි මත ලේ මිදුණු කලුවෙන්
පුතේ ජූලිය කලු උනා

පිච්ච මල් වැල් වරල ගවසා
සුදු සිනා උතුරින් ගෙනා
රාජිනී මිස් ඇන්ද තිලකය
එදා කඳුලින් සේදුනා

අයනු ආවනු එකට පැටලී
හෝඩි පොත අමතක උනා
ඇගේ මුහුනේ ඇඳුනු කලුවර
ජූලි අඳුරට යා වුනා

සිංහ වෙස් ගත් කැනහිලුන් කැල
වලිගකොන ගිනි දල්වලා
දුව දුවා කඩවීදි අවුලා
සොයුරු පෙම ගිනිබත් කළා

දව දවා හිත් බුර බුරා නැගි
වෛරයේ කළු දුම් වලා
කදු මතින් පැන දෙරණ වටලා
පුතේ අහසම කළු කලා

කඳු මුදුන්වල මීදුමෙත් මට තාම දුම්‍ රොටු පේනවා
කන්ද පාමුල බාලචන්ද්‍රන් කිරි හිනාවක් පානවා
නුඹට ගෙන ආ දෝසි අහුරක් පුංචි දෑතේ තබනවා
ජූලි කළුවර සුදු කරන්නට හීනයක් මට තියෙනවා

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම වැඩ පෙන්වයි - මසක් ඇතුළත බස්රථ 6ක් ධාවනයට

පෙබරවාරි 19, 2019

ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම සිය කාර්යක්ෂමතාව වර්ධනය කරමින් මාසයක් ඇතුළදී...