සොහොන් ලකුණු නලියන හදවතක් මත - ප්‍රියලාල් කොග්ගලගේ - Lanka News Web (LNW)

සොහොන් ලකුණු නලියන හදවතක් මත - ප්‍රියලාල් කොග්ගලගේ

රෑ කණිසමට දොර වැහුවම තැබෑරුම
එළියට පැමිණ උරමින් අවසාන දුම
පොරවා‍ හිතම වැසෙනා පරිදි හිස්කම
ඔරවා බලමි මූසල කලුවරට මම

 

සිගරට් දුම් පිරී ගැස්සෙනකොට පපුව
මැදියම් රැයෙහි කැරකෙන සිතකින් යුතුව
සුළඟින් අසමි නැවතී හරි ළෙංගතුව
"කො‍‍හොමද ඇඟිල්ලට ගැළපෙනවද මුදුව?"

ඇත්තට මේ රැයෙහි කිසි වරදකුත් නැත
මංගල සිරිය එහි ඕනෑ තරම් ඇත
සොහොන් ලකුණු නලියන හදවතක් මත
‍‍‍කොතකට මිසෙක පුන්කලසකට ඉඩ නැත

‍නොමැරුණු නමුදු මැරුණා යැයි සැක කෙරුණ
අවසන් වරට දුටු මොහොතෙත් පණ ගැහුණ
පස් අහුරකින් දෙකකින් පමණක් වැහුණ
මම යමි සොයා පෙම වැළලූ අමු ‍‍සොහොන

කණාමැදිරි එළවා රැය එළිය කළ
කඩා පසෙක ලා වල මත පිපුණු මල
අරගෙන යකඩ ඉනි අරගෙන උදලු තල
අද මැදියමේ මම හාරමි මිනී වල

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.