මනමේ - සමිත බී. අටුවබැන්දෑල - Lanka News Web (LNW)

මනමේ - සමිත බී. අටුවබැන්දෑල

කලා උපාධිය
ටියුලිප් බෑගයේ ඔබාන
ගමරට බලා යයි තනිවම
චුල්ල ධනුග්ග "කුමාර".


.
මූණ බෙරි මන්දාරම් අහස යට
කුණු ගෑවුණු
වැහි වලාකුළු උපාධි ලෝගුව ඇඳගෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි
දිව දික්කර කර
ෆොටෝ එකට හිනා වුණා
පෙනේ කළා
ඒ වුණාට කාටවත්ම
දෂ්ට නොකළා
.
වසර තුනක් එකපිට එක
මල්සරා විද්ද මල් ඊතල
කුමාරගේ පපුවමැදට
බිඳිල ගියා
අඩු කුලේ නිසා එක රැයින්ම.
එහෙමයි සෙලවුණේ
අඩු කලය.
.
පිරුණු කලයක් හොයාගෙන
ගමරට යයි චුල්ල ධනුග්ග කුමාර
තනිවම පයින්ම
කලා උපාධිය
කළු ටියුලිප් බෑගයේ ඔබාන
කැලේ මැදින්.
.
තබන තබන
අඩියක් අඩියක් ගානේ
සිහිවන විට දුලා කුමරිය
වැද්දන්ට හසුවී පරාද වෙයි කුමාර.
රූස්ස වන මැද
පපුවේ තෙරපුණි
විෂ පෙවූ ලොකු ඊතලය.
.
"මන් එනකොට දොරකඩ ළඟ
අම්මෙ හිටගෙන ඉඳින්ට
පපුවෙ ඇනුණ ඊතලයකි
හෙමින් ගලවලා දමන්ට
රටකජු මල්ලක් තියෙනව
අම්මේ ඔක්කෝටම බෙදන්ට
අම්මේ මට සවි ශක්තිය
එක දුන්නක් හදල දෙන්ට"

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.