ජිනදාස සහ නන්දා ... - Lanka News Web (LNW)

ජිනදාස සහ නන්දා ...

ජිනදාස; ආසාව විනාස කළ
නන්දාව වරා මලක් කොට
උඩු හුළඟේ පාවෙන්න ඉඩ හැරිය
සිංහලේ වෙළෙදාම;
මුඩු බිමක මිලා'ධික මල් සිටවුව
පොහොරලන්නටවත් මුදල් නැති වුව

 

කිසිදු පැළයක් ගලවා විසි නොකළ
වරා මල් අල්ලා ගැට නොගැසුව
ජිනදාස; කෘශව එහෙම්මම පැවතුණ

අබලන් නිවසකට අලුත් පහනක් ඕනෑ බව සිතුව
දල්වන්න තෙල් සන්තකව තිබුණ
එහෙත් පහන පිරිසිදු කර තබන්නට අමතක කළ
නන්දා; කෘෂිනාශක ඉස මරන්නට තැත් කළ වගා බිම
සුර පුරයක් බවට පත් කළ

පව් කළ අය අපායේ නොයන
කොහේවත් නොයන
පින් කළ අය සමඟම එකට ගැවසෙන
ඊටත් ටිකක් සතුටෙන් පසුවන
සමහර විට දත් පෙන්නා සිනාසෙන•

- කාංචනා අමිලානි

නවතම පුවත්

අප්‍රේ 26, 2019

අපිට කෙළවුණේ බුර්කාව නිසා (VIDEO)

"අපිට කෙළවුණේ බුර්කාව නිසා" යැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

අප්‍රේ 26, 2019

නැගෙනහිර ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය

අද සන්ධ්‍යාවේ කල්මුනේ ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය…
අප්‍රේ 26, 2019

වෙන්න ගිය මහා විනාශයක් වළක්වමින් සමන්තුරෙන් ආයුධ ගබඩාවක් සොයා ගනී

සමන්තුරෙයි ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ බෝම්බ නිෂ්පාදනයට ගන්නා…

අප්‍රේ 26, 2019

ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව කැනඩාවට පිවිසීමට එරට අගමැතිගෙන් යෝජනාවක් !

වීසා නොමැතිව කැනඩාවට පිවිසීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණින් එරට පාර්ලිමේන්තුවට…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb