දෝණියේ අපි යමුද ආයෙත් මහගෙදර - Lanka News Web (LNW)

දෝණියේ අපි යමුද ආයෙත් මහගෙදර

මැනෙජර් කාරයගේ දෙපතුල ළඟ වැටිලා
බැරිතැන උගේ අම්මාටත් පිං දිලා
පොළියට ළඟ කඩෙන් පන්දාහක් ඉල්ලා
හනිකට ආවෙමි ලොක්කියේ වැඩ ඇරලා

උඹ ගිය දිනේ සිට බුම්මාගෙන හිටපු
රතුමල් පඳුර මැරුණා දුකටම විඳපු
ලේනුන් එක්ක දෙමළිච්චන් බත් හොයපු
කවුරුත් දන්නේ නැහැ උන් කොයි අත ගියපු

අම්මට තවම උදයට අමතක වෙනවා
කිරි එක හදාගෙන බෙරිහන් දී යනවා
කුස්සියේ මුල්ලකින් කඳුලක් හන්ගනවා
බැළලිට දැන් හොඳයි කිරි හතරක් බොනවා

පඩි එන දාට හුරුවට විත් බඩු අතර
කොත්තුව විසි කළා සිය සැරයක් විතර
මුහුදට වැඩි නොවෙයි කිසි දා ගංවතුර
තාමත් ඉඩ තියෙයි දෝණියේ මහගෙදර

අපි ගැන හිත හිතා මුද්දක හිරගෙදර
හිටියා ඇති දුවේ උහුලන් ගුටි පොකුර
බලපන් ඔය කැළැල් ඉදිමුණ තොල් අතර
කඩනවා අද උගේ උස්සපු අඬු හතර

- ජනිත් විතාරණගේ

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...