මතකයි රේල් පාරට අපි ආ දිනය - Lanka News Web (LNW)

මතකයි රේල් පාරට අපි ආ දිනය

පළවෙනි කුලී ගෙදර හිමිකරු
බනී මාමා ය
තාත්තට අනුව ඌට
අම්මට බැල්ම දාන්නට ඕනෑ ය
මාමගෙ පුතා සමන්
වල් ය වනචර මූණා ය
බැස්සා එළියට ගෙයින්
දෙවෙනි ගේ දුන්නෙ නානා ය

 

ගෙරි තම්බිට ගෑනුම තුනයි
උඹත් වැඩි නෑ ඌට
ගෙවුණෙ දවසයි දෙකයි
තාත්තා අඩව් අල්ලයි රෑට රෑට
මොට්ටැකිලියෙ ඔතං
දීපං නානට ම ඕක
ඇහිලා නානට රෑක
තාත්තා අම්මට කියපු ඒක

අල්ලාගෙ නාමෙන් අපි
ඒ කුලී ගෙයින් පිටවූ සේක....

අශ්වයා පිටේ දොහක
බූරුවා පොළේ දාක
තුන් මාසෙක කුලී නැතිව
අහිමිය තෙවෙනි ගේ ද
බාප්පා පුංචි අම්මා
තුන් වේල පලා බෙදු සේක
උන්මාද චිත්‍රා අරං
තාත්තා හැරගියා මහ ගේ රෑක

අතකට බඩු පොදිය
අතකට අත දරුය
හිස මත මහමෙරය
කුස නූපන් දරු ය
අම්මා පසුපසින්
අපි මී මැසි පොදිය
මතකයි රේල් පාරට
අපි ආ දිනය

- දීපිකා පෙරේරා

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...

නාගානන්ද කොඩිතුවක්කුගේ නීතීඥ භාවය වසර 3කට අහෝසි කරයි

මාර්තු 18, 2019

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට...