සයිබර් පවුර - Lanka News Web (LNW)

පළවෙනි කුලී ගෙදර හිමිකරු
බනී මාමා ය
තාත්තට අනුව ඌට
අම්මට බැල්ම දාන්නට ඕනෑ ය
මාමගෙ පුතා සමන්
වල් ය වනචර මූණා ය
බැස්සා එළියට ගෙයින්
දෙවෙනි ගේ දුන්නෙ නානා ය

මැනෙජර් කාරයගේ දෙපතුල ළඟ වැටිලා
බැරිතැන උගේ අම්මාටත් පිං දිලා
පොළියට ළඟ කඩෙන් පන්දාහක් ඉල්ලා
හනිකට ආවෙමි ලොක්කියේ වැඩ ඇරලා

කඳුළු ඇස් වලින් බේරී සුදු කොපුල් මත ඉතිරිය..
සුලං රැල්ලක දියව එන  මේ සුසුවඳ සුවඳ ඔබමය..
හිත මත්තේ ලියලියා මකපු කවි කල්පයක් පරණය..
විසඳ ගන්නට බැරිව ඔබ සිටින ප්‍රහේලිකව ඒ මගේ හදවත..

ජිනදාස; ආසාව විනාස කළ
නන්දාව වරා මලක් කොට
උඩු හුළඟේ පාවෙන්න ඉඩ හැරිය
සිංහලේ වෙළෙදාම;
මුඩු බිමක මිලා'ධික මල් සිටවුව
පොහොරලන්නටවත් මුදල් නැති වුව

ගිංගඟ ඉවුරු අසබඩ
ඇවිලුණු සටන් පෙරදින
ගගදිය රතුම රතු කර
කාටත් හොරා වියැකුනි....
ලෝහිත කදුළු දාහය
සම සමව මුසුවු මෙනුවර
තාමත් කතා නැති ගහකොළ
විළිඹරිත වී සිටිත
වසත් කාළයම එනතුරු
මුදාලන්නට නිසි අලුත් ඵල.........

මලක්වත් නොපිපෙන එක් අඳුරු දවසක
ඔබ ඇවිත් හදිසියේ ආකහෙන් බැසගෙන
නම කියා කතා කරනා තුරුම මෘදු ලෙස
නොපිපෙන්න ගිවිස සිටි සින්ඩරෙල්ලාය මම.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb