සයිබර් පවුර - Lanka News Web (LNW)

රෑ කණිසමට දොර වැහුවම තැබෑරුම
එළියට පැමිණ උරමින් අවසාන දුම
පොරවා‍ හිතම වැසෙනා පරිදි හිස්කම
ඔරවා බලමි මූසල කලුවරට මම

ඔව්, මහත්තුරුණි නුඹලාට අනුව අපි හැඩි දෙමළු
එපාද ඉර පායන්න අහසෙ බණ්ඩාරවෙල බදුළු
අකුල් ගානේ හැම දෙමළියෙකුටම දුන්නා කැකුළු
මැස්සොද අපි සිංහ කූඩුවල බැඳුණු දැල්වල මකුළු

නැට්ට කඩා දත් දෙතිසක දැව ටීම
ලෙල්ල ගසා අමදින්නට කොහු දීම
කුඩ්ඩ තබා උතුරන්නට කිරි දීම
කට්ට කඩා ඇවිලෙන්නට ගිණි දීම

ගතවිය යුතුය 
පුර හද
දෙවරක් පුර
හද එනකම්
හිතවත 
නවතියි හදවත
 
රන් වඩුවා
දැක ගත 
නොහැකිව
ලත්වෙයි
නිල් මැණික් 
ජෝඩුව
 
හිතුවත් නිතරම
බඩගා කිතුලක
උස ගහකින්
රා මුට්ටිය ගන්නට
 
අද සිට 
ගොඩ වෙමි
පහලම 
කිතුලට
 
නොහිතා 
පහලින් ඇති 
මුට්ටිය 
වැ‍ටුණා මම......... 
 
දැන්
පිහිනා
යමි තුළ හදවත
 

සබඳ ,
මහෝෂධ !
නුඹේ උමං ගෙහි
ඇතුළුවන්නන් හට
ඇතුළු වීමේ දොරටුද ඇත
පිටව යන්නන් හට
පිට වීමේ දොරටුද ඇත
රැඳෙන්නන් හට
රිසි සේ රැඳී තුටු වීමට
යහන් ගබඩාද ඇත
විසිතුරුව නිම කළාවූ
නාරි රූ කැටයම්ද ඇත,

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb