සයිබර් පවුර - Lanka News Web (LNW)

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසට
චීත්තේට මන් තුරුල් කරගෙන දුවන් යනවා වළන් මැස්සට
පාන්දර මහා කන්ද නැගලා අම්මා යනකොට දළු කඩන්නට
පරක්කුයි ඉස්කෝලේ කිය කිය පස්ස හේදුවේ එකී හනිකට

අහසින් වැටෙන වැහි වැව් පුරවනව ඇති
ඒ දිය දිගේ මාළුන් පීනනව ඇති
වැව පාරේ බොරළු කිරි මඩ වෙනව ඇති
ඒ මඩ අතර පා පැදි සලකුණු අඳිති

මාවතේ සිරි දකින මඟ ලකුණු පිළිවිසින
ඉගිළ යන ජීවිතේ විසල් රිය පණ ගැහෙන
මොහොතකට නතර වී සුසුම්ලන ඉසිඹුලන
ප්‍රේමය ද කහ ඉරකි දිගු මඟෙක මුණ ගැසෙන

මන්නාරම් මූදු හුළඟ
හෙමිහිට ගත දැවටෙන කොට
කට ඇද කර, ඇස් පියාන
දෙමළ සිංදුවක් කිව්වා
මතකයි මට කේශ්වරන්

සුදු වේට්ටි සරම ඇඳන්
නළලෙ පාට හුණු තවරන්
දේවාලේ ගිහින් එද්දි
හැඩකාර නුඹේ උරමත
හොරෙන් හිමින් හිස තිව්වා
මතකයි මට කේශ්වරන්

කවුරුත් නැති හැන්දෑවක
මගෙ කොණ්ඩය ගොතා දමා
සමන් පිච්ච මල් දවටා
හිනාවෙවී හැඩ බැලුවා
මතකයි මට කේශ්වරන්

වෙඩි සද්දෙට බයේ දුවපු
බංකර් වල රෑ නිදියපු
දවස් මතක් කර අම්මා
මට බැන්නා කේශ්වරන්

කළු පාටට කොළඹ අහස
ඉඳහිට රෑ ගොරවනකොට
අන්තිම දා මා සිඹගෙන
මහ හයියෙන් හඬපු හැඬුම්
තව ඇහෙනව කේශ්වරන්

- චාමනී ප්‍රේමතිලක

පුතා කිරි බොන එක නවත්තන්නෙ නෑ. කොහොඹ කොල වගේ දෙයක් ගෑවොත් ප්‍රශ්නයක් වෙයි ද ? - මිතුරියක්

අම්ම එයි කියා හිත හිත රවුමෙ කටු දිහා බැලුවට -
කටු දෙකේ රහස මට තව නෑනෙ තෙරිලා
බස් එකක් දෙකක් යනකොට ඉස්සිලා හිමින් බැලුවට -
ජනේලය උසයි මම තව නෑනෙ උස වෙලා

ගේට්ටුව ඇරන් එනකොට අත් දෙකේ මොකුත් නැතිවට -
අඬන්නැතිව ඉන්නා හැටි ඇතත් හුරු වෙලා
දවස මග බලන් හිටි මට හම්බුනේ කුක්කු විතරයි -
නින්ද ගිය ටිකට ඒකත් තිත්ත රස වෙලා

රාත්‍රියේ පිපෙන්නේ ඇයි
මේ තරම් හැඟුම්
ඝණදුරේ දැනෙන්නේ ඇයි
මේ තරම් රිදුම්
මුලු ලොවම නිදන අතරේ
ඔබ හොරෙන් ඇවිත් සොඳුරේ
රහසින් තවරයි සුසුමක්
මගේ හද පතුළේ...............

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb