ආතුර ආලේ සංකල්පමය ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් - ඩී.ජී. තිසර - Lanka News Web (LNW)

ආතුර ආලේ සංකල්පමය ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් - ඩී.ජී. තිසර

මුහුණුපොත නැත්නම් එතැනින් එහා ගිය සමාජ ජාලා, වෙබ් අඩවි මේ වන විට විවිධ පරාසයන් හි නිර්මාණකරුවන්ගේ අපූරු වැඩ බිමක් බවට පත් වී හමරයි. එවන් හැඩ තලයක් මත විසිරුණු රටා එක්කාසු කරන එකකු සමඟයි මේ සමීප කතා බහ! ඔහු ඩී.ජී. තිසර...

 

#. කවුද මේ ඩී.ජී, එහෙමත් නැත්නම් කවුද මේ ඩී.ජී තිසර?

සුලභත්වය තුළ දුලභත්වය සොයමින් මට ම කියල අනන්‍යය, ශෛලීගත නැති නිදහස් පාරක් සොයමින් ඇවිද යන්නෙක් කියල මට මාව හඳුන්වලා දෙන්න පුලුවන්.

#.පහුගිය කාලෙ මුහුණු පොතේ හැමතැනම ශෙයාර් වුණු ඔබේ මේ අලුත් වැඩේ මොකද්ද?

ඔව්, ආතුර ආලේ! ඇත්තට ම ඒක ටිකක් වෙනස් වැඩක් තමයි. මේක ශ්‍රී ලාංකේය ජන කලාව තුළ කාලයක් තිස්සෙ පැවතගෙන එන 'පන්දම් පාලිය' කියන ජන ශාන්තිකර්මය එකතු කරගෙන ගොඩ නඟපු සංකල්පමය ශ්‍රව්‍ය - දෘශ්‍ය නිර්මාණයක්.

#. මුහුණුපොතේ ප්‍රසිද්ධ වුණ මේ වීඩියෝ පටය නැත්නම් ඡායාරූප පෙළ ඔස්සේ විවිධ ආකාරයේ කවි, නිසදැස්, කෙටි කතා සමාජගත වෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?

ඔව්, ආතුර ආලේ ඡායාරූප පෙළ දකින ඕනෑ ම කෙනෙක්ට ඒ තුළින් හාස්‍යමය අදහසක්, රසයක් දැනෙන්නට පුළුවන්. එතැනින් එහා ගිය නිර්මාණයක් මේ තුළින් බිහිවෙනවා කියන්නේ එක අතකින් මම සාර්ථකයි. ඒ වගේ ම මනුස්සයෙක් විදියට සතුටකුත් දැනෙන්නෙ නැතුවම නෙවෙයි. ඒ අතර ම මේ නිර්මාණය යම් යම් දේශපාලන අවශ්‍යතා සහ මඩ ගැසීම් ආදී දේවල්වලට සමහරු භාවිත කිරීම පිළිබඳ නම් හිතේ තියෙන්නේ පොඩි පසුතැවීමක්.

#. ලෝකෙ එක පැත්තක මිනිස් කොට්ඨාශයක් හඳට ගිහින් ජීවත් වෙන්න වතුර හොයද්දි අපි තාමත් සඳු ගෙ අපල වෙනුවෙන් පඩුරු ගැට ගහනවා. මේ වගේ සමාජ මට්ටමක ඉඳන් කරපු මේ නිර්මාණයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තට ම මට මේ නිර්මාණයේ දී අවශ්‍ය වුණේ සම්ප්‍රදාය හෝ සංස්කෘතියට පහර එල්ල කිරීමක් කිරීම නෙවෙයි. පන්දම් පාලියේ දී යකාට ආතුර වූ ගැහැණිය පිළිබඳ ඇති වන ආදරය කියන ඒ හැගීම ඕනෑම කෙනෙකුට පොදුයි කියන එක ඉස්මතු කරන්නයි මම උත්සහ කළේ. විවිධ සමාජ මට්ටම්, අධ්‍යපනික මට්ටම් එක්ක විවිධ ප්‍රතිචාර හම්බුණා. ඉතින් නිර්මාණයක් කරලා අවසානයේ මම ප්‍රශංසාව විතරක්ම බලාපොරොත්තු වෙනව නම් එතන දී මමයි අසාධාරණ. ඒ නිසා ම හොඳ - නරක ප්‍රතිචාර සියල්ල බොහොම ආදරයෙන් වැළඳ ගන්නවා.

#. ඉස්සරහට අපිට ඩී.ජී තිසර කියන නිර්මාණකරුවා කොතැන, කොයි මොහොතෙ, කොහොම මුණ ගැහෙයිද?

එක රැයින් සිනමාවේ හෝ ඡායාරූප කලාවේ ඔස්තාර් කෙනෙක් වෙන හීනයක් හීනියටවත් මං ගාව නැහැ. ඉතින් ඒ නිසා ම සිනමාව හා රූපවාහිණිය පිළිබඳ වැඩි දුර අධ්‍යාපනය ලබන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බලමු, මේ පුංචි දුපත ඇතුළෙ කොහේ දී හරි අපිට අපි මුණ ගැහෙයි.

සංවාදය - පසන් සංජය සමරතුංග

 

athura 01

athura 02

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...