මම සමාජයේ සියුම් තැන් කෙටියෙන් ලියනවා - ප්‍රශාන් කහගල්ල - Lanka News Web (LNW)

මම සමාජයේ සියුම් තැන් කෙටියෙන් ලියනවා - ප්‍රශාන් කහගල්ල

ප්‍රශාන් කහගල්ල 'කෙටිම කෙටි' නමින් කාව්‍ය සංග්‍රහයක් සහෘදගත කරන්නට සැරසෙයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ කළ 'කෙටිම කෙටි' සංවාදයකි.

 

#. මොකද්ද මේ 'කෙටිම කෙටි'?

මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය!

#. පොත එළිදක්වන කටයුතු සිද්ධවෙන්නේ කොහොමද?

නොවැම්බර් 7 වන බදාදා සවස 2.30 ට බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පොත එළි දකිනවා. ප්‍රධාන ආරාධිත දේශනය චුලානන්ද සමරනායකගෙන්. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සඳුන් ප්‍රියංකර විතානගේ දෙදෙනා ගේ තවත් දේශන දෙකක් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

#. ඇයි ඔබ කවි ලියන්නේ?

මේ වන විට කවිය මගේ ආත්මය වී හමාරයි. ඒ ආත්මයේ හඬ මම කවි තුළ මුහුකරනවා.

#. කවිය ගැන ඔබේ කියැවීම මොකද්ද?

නිශ්චිත කියවීමක් පිළිබඳ සඳහන් කරනවා නම් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රත්න ශ්‍රී විජේසිංහ, මහගම සේකර ආදී කවියන්ගේ කාව්‍ය පරිශීලනය කරමින්, කවි රසවිඳීම තුළින් මම කවිය එක්ක ජීවත් වෙනවා.

#. ඔබේ 'කෙටිම කෙටි' අන්තර්ගතය ගැන අපට යම් අදහසක් දෙන්න?

සමාජයේ සියුම් තැන් කෙටිම කෙටියෙන් දක්වන අතරම මිථ්‍යාව, විරහව ග්‍රහණය කරගනිමින් නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා.

#. ලියන - කියවන ලෝකෙ ඔබට බලපෑම් කළ නිශ්චිත කෙනෙක් හෝ කීපදෙනෙක් ඉන්නවද?

කියවීම මම තනිව ගොඩනඟාගත් දෙයක්. සාහිත්‍ය ලෝලී මිතුරන් බොහෝ පිරිසකගේ ඇසුර හේතුවෙන් ලිවීම සහ කියවීම දිනෙන් දින තව තවත් ගොඩනැඟීම සිදුවුණා.

#. ඉදිරි වැඩ කටයුතු කොහොමද?

මේ ග්‍රන්ථයේ ගුණ දොස් විමසීමෙන් අනතුරුව ඊළඟ ග්‍රන්ථයට සුදානම් විය යුතුයි. නමුත් ඊට පෙර මා විසින් දියුණු කරගත යුතු දේ බොහොමයි. මම සර්ව සම්පුර්ණ අයෙක් නොවන නිසා සකස් කර ගත යුතු අඩුපාඩු ද තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු හමාර කරන්නත් මට වෙහෙසෙන්න සිදුවෙනවා.

සංවාදය - කසුන් සමරතුංග

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

ජනාධිපතිතුමා වෙත කණගාටුවෙන් ලියමි

ජනවාරි 15, 2019

ඔබතුමා ගැන මා සිත තුල ඇත්ත බලවත් කණගාටුවකි. ඔබතුමාට මෙවැනි...

සිරස වර්ජනය - තවත් පියවරක්

ජනවාරි 17, 2019

සිරස වැනි ආයතනයකින් මුදලක් උපයන, සීමිත ආදායම් මූලාශ්‍ර ඇති කෙනෙකුට...

අනේ දුවේ නිශාන්ත අයියව චෙයාමන් කරන්න මාමිට කියන්න !

ජනවාරි 20, 2019

මහින්ද රාජපක්ෂ මහතාගේ දින 51 ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකන් ගුවන්...

අලුත් ජනාධිපති කොමිසමේ පළමු විමර්ශන : සිරස සංඛ්‍යාත සහ රුසියානු යුද නැව ගැන ?

ජනවාරි 18, 2019

යහපාලන සමයේ සිදුව ඇති වංචා සහ දුෂණ ඇතුළු අක්‍රමිකතා සම්බන්ධව...