ඉහළින් ආපු නියෝගේ හැදුවා හැදුව වියෝගේ - (VIDEO) - Lanka News Web (LNW)

ඉහළින් ආපු නියෝගේ හැදුවා හැදුව වියෝගේ - (VIDEO)

"ඉතිහාසය පුරාම 'ඉහළින් ආපු නියෝග' මත සිදු වූ, සිදු කළ සහ වර්තමානයේ සිදුවෙමින් පවතින දෑ බොහෝය"

"එමෙන්ම අනාගතයේදී ද ඉහළින් පැමිණන නියෝග මත සිදු වීමට නියමිත දෑ බොහෝය."

"එලෙස මෙතෙක් කලක් 'ඉහළින් ආපු නියෝග' මත සිදු වූ සියල්ලද, එම ඉහළ නියෝග දුන් සියල්ලන්වද අප සමාජයක් ලෙස හඳුනන'මුත් අප නන්නාඳුනන සේ නිර්වින්දිතව මේ කුඩා දූපත තුළ හෘදසාක්ෂිය ගලවාගෙන ජීවත් වූවෝ වෙමු."

"ජීවත් වෙමින්ද සිටිමු. එලෙස තවදුරටත් ජීවත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පෙනෙන්නට ඇත."

"ඉතිහාසය පුරාවට එකී 'ඉහළින් ආපු නියෝග' ක්‍රියාත්මක කරවූවන්ද, යුක්තිය ඉදිරියේ කෙටි කලකට චූදිතයන් ලෙස නම් කෙරුණු අතර පසුව තවදුරටත් ඔවුන් 'ඉහළින් එන නියෝග' මත රජගෙයි වංගුවෙන් හැරී විනිර්මුක්තිය කරා ගොස් තිබේ."

"වර්තමානයේද චූදිතයින් රජගෙට ය'නෙනු පෙනේ. එමෙන්ම චූදිතයින් අනාගතයේද රජගෙට ය'නෙනු ඇත."

"අප සමාජයක් ලෙසත්, හෘදසාක්ෂියක් සහිත මිනිසුන් ලෙසත් මේ සියල්ලම දන්නාමුත් නන්නාඳුනනා 'ඉහළින් ආපු නියෝග' මත සෑම කල්හිම වින්දිතයින් හාමතේ මියෙනු ඇත."

"සුදු පිරුවට හැඳි රතු, නිල් සහ කොල පාට පක්ෂ හෝ පුද්ගලයින් කිසිවෙක් මේ කිසිවක් සම්බන්ධයෙන් සත්‍ය සපථ කරනු ඇතැයි සිතිය නොහැකිය. සමාජයක් ලෙස අප තවදුරටත් 'ඉහළින් ආපු නියෝග' හේතුවෙන් අපගේ හෘදසාක්ෂිය ගලවාගෙන වින්දිතයින්ට හාමතේ බංකුවේ මියැදෙන්න ඉඩ දෙමුද?"

'12-11-10 වැලිකඩ' කෘතියේ කර්තෘ හා මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල ගේ පද රචනයකට අනුව නිර්මාණය වු "ඉහළින් ආපු නියෝගේ" මැයෙන් නම් කර ඇති මෙම ගීතය 2019 ජාතික දිනයට සමගාමීව ජනගත කර තිබේ.

ප්‍රවීණ ගායන ශිල්පී, චිත්‍රාල් සෝමපාල, රෝහිත ජයලත්(ජයශ්‍රී), ශිරාස්(රූඩ් බෝයි ලන්කන්), නදී වාසලමුදලිආරච්චි, නදී කම්මැල්ලවීර, හේමාල් රණසිංහ, මිහිඳු ආරියරත්න ගායනා කරන “ඉහලින් ආපු නියෝගේ” සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි විසිනි.

Audio Mixed by - Dinesh Ekanayake & Asha Rajapakshe,

Drums - Shehan Peiris,

Bass Guitar - Malik D,

Key Board - Asha Rajapakshe,

String Sections - Ajith Kumarasiri,

Graphics - Sumuditha Krishantha,

Lyrics & Produced By - Kasun Pussewela.

 

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මසකට ලක්ෂ 24ක් ලාභ ලැබූ වඩේ බිස්නස් එක වැහුණේ ගෝඨා නිසා - නිරෝශන් බදු ගෙව්වාද ?

පෙබරවාරි 17, 2019

මාර්ග අයිනේ වඩේ විකිණීම සඳහා සේවකයින් 60 දෙනෙකු පමණ යොදවා...

පොහොට්ටු අර්බුදය ; බැසිල්ට ගහලා පොට වරද්දා ගන්න එපා - විමල්ට, ගම්මන්පිලට අනතුරු හැඟවීම්

පෙබරවාරි 21, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවූ නායකත්වයට නිග්‍රහ කර පොට වරද්දා...

මහින්ද අලුත් දේශපාලන පිම්මකට සැරසෙයි !

පෙබරවාරි 16, 2019

ඉදිරි සතිය තුළ අලුත් දේශපාලන පිම්මක් සඳහා සූදානම් වන බව...

චන්දික හතුරුසිංහ සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගය අද

පෙබරවාරි 21, 2019

චන්දික හතුරුසිංහගේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග දෙකකින්...