61 වන ග්‍රැමී සම්මාන උළෙල ගායිකාවන්ගේ ආධිපත්‍යයට - Lanka News Web (LNW)

61 වන ග්‍රැමී සම්මාන උළෙල ගායිකාවන්ගේ ආධිපත්‍යයට

ලොව ප්‍රමුඛතම සංගීත සම්මාන උළෙල 61 වැනි වරටත් ඊයේ (11) රාත්‍රියේදී පැවැත්විණි. බටහිර සංගීත ක්ෂේත්‍රයේ නියුතු ගායකයන්ගේ, සංගීතඥයන්ගේ සිහින සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙලේදී කාන්තාවන් සිය ආධිපත්‍යය පතුරුවා ගනිමින් ප්‍රමුඛතම සම්මාන බහුතරයක් දිනා ගැනීම මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයයි.

සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය වන වසරේ හොඳම ගීත ඇල්බමයට හිමි සම්මානය කේසි මස්ග්‍රේව්ස්ගේ "Golden Hour" ගීත ඇල්මයට හිමි වූ අතර, මීට අමතරව කේස් මස්ග්‍රේව්ස් තවත් ප්‍රධාන සම්මාන තුනකට හිමිකම් කීමට සමත් වූයේ රාත්‍රියේ තරු අතර තරු රැජිණ වෙමිනි.

ඇය වසරේ හොඳම ඇමරිකානු ගීත ඇල්බමයට හිමි සම්මානය ද දිනාගත් අතර ඇයගේ 'Butterflies' ගීතයට වසරේ හොඳම ඇමරිකානු ඒකළ ඉදිරිපත් කිරීමට (solo performance) හිමි සම්මානය හිමි විය. මීට අමතරව මස්ග්‍රේව්ගේ 'Space Cowboy' ගීතය වසරේ හොඳම ඇමරිකානු ගීතය ලෙස සම්මානය පාත්‍ර විය.

වසර් නවක ගායන ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට නව ගායිකා ඩුආ ලිපා සමත් වූවාය. හොඳම රැප් ගීත ඇල්බමය සඳහා හිමිවන සම්මානය දිනා ගැනීමට සමත් වූයේ කාඩි බී ය. ඒ ඇයගේ 'Invasion of Privacy' ගීත ඇල්බමය සඳහායි.

මීට අමතරව ඊයේ රාත්‍රියේ කතාබහට ලක් වූ අනෙක් සුපිරි තරුව ලේඩි ගාගාය. වසරේ හොඳම පොප් ගායනයට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූ අතර වසරේ හොඳම කණ්ඩායම් ගායනයට හිමි සම්මානය ද ඇය හිමිකර ගත්තේ බ්‍රැඩ්ලි කූපර් සමග එක්වෙමිනි.

ගායකයන් අතරින් දිදුලන තරුව බවට පත් වූ Childish Gambino වසරේ හොඳම ගීත පටිගත කිරීමට හිමි සම්මානය දිනාගත්තේ ඔහුගේ This Is America ගීතය වෙනුවෙනි. මීට අමතරව වසරේ හොඳම ගීතයට හිමි සම්මානය සහ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය ද දිනා ගැනීමට ගැම්බිනෝගේ This Is America ගීතය සමත් විය. කෙසේ වෙතත් ඔහු සම්මාන ලබා ගැනීම සඳහා සම්මාන උළෙලට සහභාගි වී නොසිටීම ද විශේෂත්වයකි.

grami 01

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

අල්ලසක් ලබාගත් බවට ගෝඨාභය රාජපක්ෂගෙන් පාපොච්චාරණයක්

අප්‍රේල් 18, 2019

පසුගියදා රාවය පුවත් පත සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ආරක්ෂක...

දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක්

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල තවත් පිපිරීමක් සිදුව...

බොරැල්ලේ තවත් පිපිරීමක් !

අප්‍රේල් 21, 2019

මීට සුළු මොහොතකට පෙර බොරැල්ල ඔරියන්ට් සිටි අසල පිපිරීමක් සිදුව...

‘ඇමරිකාව වෙනුවෙන් අවි දැරීමට මම දිව්රා පොරොන්දු වෙමි’: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ

අප්‍රේල් 19, 2019

මගේ ආශාව වන්නේ, කිසි රටක පුරවැසියෙකු නොවී සිටීම ය.