මා කවිය සොයා ගියා නොව කවිය මා සොයා ආවා - චින්තක සමන් හේරත් - Lanka News Web (LNW)

මා කවිය සොයා ගියා නොව කවිය මා සොයා ආවා - චින්තක සමන් හේරත්

2018 වසර සදහා වූ ගොඩගේ අත්පිටපත් තරගයේ කාව්‍ය අංශයේ ප්‍රශස්තම පොත් හත අතරට චින්තක සමන් හේරත්ගේ "හිතාදර දළඹුවනි" කාව්‍ය සංග්‍රහය ද ඇතුලත් විය.මෙය ඔහුගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය යි.අද මා සමග කෙටි අදහස් හුවමාරුවක් සදහා එකතු වන්නේ ඔහුය..

 

#හුඟක් වෙලාවට මම මේ කතා බහ පටන් ගන්නේ ඔබ කවුද,ඔබ කවියෙක්ද,මොනවද කරන්නේ වගේ ප්‍රශ්නෙකින්.එත් මම අද කැමතියි ඔබ කැමති විදියේ සදහනක් එක්ක මේ කතාව පටන් ගන්න!

ඇත්තටම මාත් මං කවුද කියල හදුන්වල දෙන්න ලොකු කැමැත්තකුත් නැහැ.මොකද මං කවුද කියල මමත් තාම හරිහැටි හොයාගෙන නැති නිසා.එක්තරා පැරණි කියමනකුත් තියෙනව "මා යනු මා පිළිබදව මට සිතෙන දෙයවත් මා පිළිබදව ඔබ සිතන දෙයවත් නොව,මා යනු මා පිළිබදව ඔබ සිතන දේ මෙය යැයි මට සිතෙන දේ'කියල.මමත් හිතනවා ඒ අනුව මම කවුද කියල දන්නේ මා ඇසුරු කරන අය වෙන්න ඇති කියල.මා විසින් මාව හදුන්වා දීම හරිම පටු හැදින්වීමක් වන්නට පුළුවන්.සරලව කියනවනම් මේ සමාජයේ අනික් මිනිසුන් වගේම හිතන පතන ජීවත්වෙන සරල මනුස්සයෙක්...

#දළඹුවෙක්ගෙ හීනය තමයි සමනලයෙක් වෙන එක.ඉන් පස්සෙ නිදහස් ජීවිතයක් ගත කරන එක. මිනිස්සු වෙච්ච අපිත් උත්සාහ කරන්නෙ මේ ඒ දේටම නේද?

ඔව්! මිනිස්සුත් උත්සාහ කරන්නේ ඒ ‍දේටම තමයි.නමුත් සමනළයෙක් වගේ නිදහස් ජීවිතයක් මිනිස්සු වන අපිට නැහැ කියලයි මං හිතන්නේ.මිනිස්සු කියන්නේ කිසිවකින් තෘප්තිමත් නොවන ජීවීන් කොටසක්.

#ඔබ මුහුණු පොතේ කවියෙක්.මුහුණුපොතේ කවි ලිවීම,ඊට ලැබන ප්‍රතිචාර පිළිබද ඔබේ අදහස කොහොම එකක් ද?

මුහුණු පොතේ කවියෝ කියල වෙනමම කොටසක් ලඝු කල යුතු නැහැ කියලයි මං යෝජනා කරන්නේ.මුහුණු පොත කියන්නේ යම් මාධ්‍යයක් පමණයි..එය භාවිතයේ ඇති පහසුව සහ පරිශීලනය කරන්නන්ගේ ප්‍රමාණය මත ඕනෑම දෙයක් පල කරන්නට පුළුවන් තැනක්.ඉතින් ඒ කරුණ මත පමනක්ම පදනම්ව මුහුනු පොතේ කවිය පහල ස්ථරයක තැබීම සුදුසු නැහැ.ඒ මා මුහුණු පොතේ කවි ලියන කෙනෙක් නිසා මට හැගෙන දෙයක් වෙන්නටත් පුළුවන්.නමුත් නිර්මාණයක් පල කරන මාධ්‍යට වඩා වැදගත් වෙන්නේ ඔවුන්ගේ නිර්මාණ වල ඇති ගුණාත්මක දේවල් ගැන යම් නිශ්චයකට පැමිණිමයි.මම කියන්නේ මම එවැනි කෙනෙක් කියා නොවෙයි. මටත් මුහුණු පොතේ සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම ආධුනික ප්‍රවීන කවීන්ගෙන් හොද ප්‍රතිචාර ලැබී තිබෙනවා... ඒ ප්‍රතිචාර කිරා මැන සුදුසු ලෙස භාරගැනීම අපේ වගකීමක්.නමුත් ඔය අතරේ කවිය ගැන තිබෙන ඇල්මටත් වඩා කවියා සමග ඇති පෞද්ගලික හිතවත්කම නිසා ප්‍රතිචාර දක්වන පිරිසකුත් නැතිවාම නොවෙයි. අපි එයත් තේරුම්ගත යුතු වෙනවා....

# කවිය පිලිබද ආදරයක්,කවිය ට පෙළඹවීමක් ඇති උනේ කොහොමද?

කවිය මගේ ජිවිතයට අහම්බයක්.මා කවිය සොයා ගියා නොව කවිය මා සොයා ආවා කියලයි මට දැනෙන්නේ.පුංචි කාලේ ඉදන් මම ටිකක් වැඩිපුර කියවීමට ඇබ්බැහි වූ කෙනෙක්.නමුත් කවි පොත් නම් කියවලාම නැහැ.ඉතින් රැකියාවට ගමෙන් පැමිණියාට පසු මට ජීවිතේ පිරවිය නොහැකි අඩුවක් දැනෙන්ට පටන් ගත්තා..ඒ අඩුව පෙමිවතියක් නිසාවත් වෙනයම් බැදීමක් නිසාවත් පිරවිය නොහැකි මට්ටමේ හිස්කමක්.ඒ හිස්තැන පුරවන්නට මට යමක් උවමනා උ‍නා. ඒ මොහොතේ තමයි කවිය මට මුන ගැසුනේ.ඉන් පසු මට කවිය ගැන සොයා බලන්නට ලොකු ආසාවක් ඇති උනා.කවියට ආදරයක් ඇති උනා.ඉතින් තවමත් එය තමයි මෙී කරමින් සිටින්නේ.ඒ තමයි කවියට ඇති මගේ පෙළබීම.නැතිව අපේ හත්මුතුපරම්පරාවේ කිසිවෙක්වත් කවි ලියපු උදවියවත්, එහෙම ආභාෂයක් ඇවිත්වත් නොවෙයි......

#ඔබ නාවික හමුදාවට අනියුක්තව සේවයේ යෙදෙන්නෙක්.රැකියාව එක්ක කියවන්න,ලියන්න,මේ දේවල් හදාරන්න වෙලාවක් වෙන් කරගැනීම ලොකු සටනක් වෙන්න ඕන?

වෘත්තීය ජීවිතය ඇතුලේ මම තරමක් කාර්යය බහුලයි.කවියක් ලියන්න මේ වෙීලාව වෙන් කරගන්නවා,වැඩ කරන්න මෙී වෙිලාව වෙන්කරගන්නවා කියල ලොකු කාලසටහනනක් උවමනා වෙන්නේ නැහැ.ඉර බහින හැන්දෑවක,කෝපි කෝප්පයක් ලග තියාගෙන සිහිල් සුළං වැදි වැදි කවි ලියන්න පුළුවන් කාලයක් නොවෙයි මෙී.ඇතැම් කවි සිතිවිලි එන්නේ හිතන්නේවත් නැති වෙලාවල් වලදී,හිතන්නේවත් නැති තැන්වලදී. නමුත් ඔබ කියනවා මෙන්ම කවිය ගැන යමි ගැඹුරු හැදෑරීමක් කරන්න,කවි මිතුරු මිතුරියන් ඇසුරු කරන්න මට තියෙන වෙලාව බොහොමත්ම අඩුයි තමයි.

"පැන පැන ඇවිත් හාවා කවුළුව ලගට
ඇහුවා යන්න කැමතිද කියලා හදට
දරුවෝ අමතකද ශිෂ්‍යත්වය නුඹට
අම්මා වසා දැම්මා කවුළුව තදට"

#මෙය ඔබේ කවියක්.නිදහසේ හිතන්නට පටන් ගන්න ඕන වයසේ ඉදලම අපිව මේ අධ්‍යාපන රටාව එක තරගකාරී රාමුවක හිර කරගන්නවා.මේ වෙනුවෙන් කවියෙකුට තියන වගකීම ගැන කතා කරොත්?

දරුවන් අධ්‍යාපනයට හිරවෙලා.දෙමවිපියන් වෘත්තීය ජීවිත ඇතුලේ හිරවෙලා. මුළු මහත් සමාජයම දහසක් දේ අතර හිරවෙලා.තරගකාරී ගමනක තමයි අපි කවුරුත් ගමන් කරන්නේ.මෙී පිළිබදව කවියෙකුට තියෙන වගකීම ගැන නොයෙකුත් අදහස් තියෙනවා.වඩාත් හොද සමාජයක් අපේක්ෂාවෙන් නිර්මානකරණයේ නියැලීම.නමුත් අපි ඒ වගේම සිතන්නට උවමනයි අපි ලියන කවි සමාජය විසින් භාරගන්නේ කොයි ආකාරයටද,ඒ වගේම සමාජයක් වෙනස් කරන්නට තරමි කවිය ප්‍රභල මෙවලමක්ද කියල කාරනය.ප්‍රබුද්ධ තැනක ලා කවිය ගැන මොන ආකාරයේ සංවාද ඇති වුවත් කවිය මීට වඩා ජනතාව අතරට යා යුතුයැයි මා සිතනවා.කවියා තමන්ගේ කවියක් මේ තරගකාරී සමාජයට ලබාදෙනවාට වඩා කවියාත් ඔවුන් සමගම මේ තරගකාරී සමාජය යම් සුභවාදී දිශාවකට විතැන් කිරීමට දරදිය අදින්නෙකු වීම සුදුසුයැයි මට හිතෙනවා.හැබැයි කිසිසේත්ම මා දාර්ශණික කවිය බැහැර කරන්නෙත් නැහැ.මේ තරගකාරී බැදීම් වල අවසානය කවරක්දැයි අපට අපේ ආගමික දර්ශන වල යම් පමණකට කියා දී තිබෙනවා. විශේෂයෙන්ම බුද්ධ දර්ශනයේ ආශ්වාද,ආදීනව,නිස්සරණ යනුවෙන්.

 

#පුවත්පතක කවි පිටුවක කවියක් පල වෙන්නේ යම්කිසි තෝරා ගැනීමක් එක්ක.නමුත් මුහුණු පොතේ එහෙම නැත්නම් සමාජ ජාල වෙබ් අඩවියක එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ දෙක අතර ගුණාත්මක පරතරයක් ඇති වෙන්න ඉඩක් තියනවද?

මා පෙර සදහන් කල ආකාරයටම සමාජ ජාලා වෙඩි අඩවි කාටත් විවෘතයි,වාරණයක් නෑ.නමුත් පුවත් පතක කවියක් ඵල කිරිමෙීදි ඒ විවෘතභාවය නැහැ.අනෙක් කරුණ අදටත් සමාජයේ යම් මතයක් තියෙනවා පුවත්පතක සාහිත්‍ය අතිරේකයක, කවි පිටුවක ඵල වන්නේ තෝරාගත් උසස් නිර්මාණ බව. බොහෝ කවි පිටු සංස්කාරකවරුන් කවිය පිළිබද යම් දැනුමක් හැදෑරීමක් ඇති අය.ඒ නිසා ගුණාත්මක අතින් යමි පරතරයක් පැවතිය හැකියි. නමුත් මා ඉන් අදහස් කරන්නේ නැහැ පුවත්පතක ඵල වූ කවියකට වඩා හොද කවියක් සමාජ ජාලා වෙබි අඩවියක ඵල විය නොහැකි බවට.සාපේක්ෂව ඔබ කියන දේ හරි.

#අවසාන වශයෙන් "හිතාදර දළඹුවන්" වෙනුවෙන් යමක් සදහන් කරමු?

ගොඩගේ ආයතනය විසින් වාර්ෂිකව අංශ කිහිපයක් යටතේ ජාතික මට්ටමේ අත්පිටපත් තරගාවලියක් පවත්වනවා.මම මුහුණු පොතේ නිර්මාණ කරන්නට පටන්ගත් මුල්ම වකවානුවේ තමයි මේ සමිබන්ධයෙන් දැනුවත් උනේ.ඉතින් මම එවකට නිර්මාණය කර තිබූ නිර්මාණ කිහිපයක් ඒ සදහා ඉදිරිපත් කලා.නොසිතූ අන්දමින් 2018 ජාතික අත්පිටපත් තරගාවලියේ කාව්‍ය අං‍ශයේ අවසන් වටයට මගේ අත්පිටපත තේරි පත් වුනා.එය ගොඩගේ ආයතනයෙන් මුද්‍රණය කොට ජනගත කරනු ලැබුනා.ඒ තමයි "හිතාදර දළඹුවනි" කාව්‍ය සංග්‍රහය.මෙහිදී මේ අවස්ථාව මට ලැබුනු අහඹු වාසනාවක් විදිහටයි මං දකින්නේ.සෙසු තේරුණු අත්පිටපත් ඉදිරිපත් කල අය සියල්ලන්ගේම කුළුදුල් කාව්‍ය කෘතිය මෙය නොවෙයි මම දන්න විදිහට..මගේ කුළුදුල් නිර්මාණ ඒ අතරේ ඇගයීමට ලක්විම තමයි මට ඒ සතුට වඩාත් තීව්‍ර කරවනු‍යේ.තවමත් කවිය ගැන හදාරන මට ඒ ලැබුණු ඇගයීම ඉදිරි ගමනට ලොකු අත්වැලක් උනා.ඉදිරියේදී මගේ මෑතක ලියු නිර්මාණ ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් පල කිරිමට මා අපේක්ෂා කරනවා.

සංවාදය - පසන් සංජය සමරතුංග

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

මිරිස් කුඩු ගැහුවේ ගෙනත් දීපු නිසා. මම ඔක්කොම කියනවා - ප්‍රසන්න

මාර්තු 20, 2019

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු...

ගෝඨාට මං ඕක දෙන්නෙ නෑ. ගාණට කරකවලා මගෙ අතට ගන්නම් - මහින්ද

මාර්තු 23, 2019

ඊයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ රාත්‍රී කෑම මේසයෙහි මාතෘකාව වී...

මගේ ඇඟට ලේ ඉණුවේ ඕමාන තෙල් ඇමති දැක්කට පස්සේ - විජයමුණිගෙන් රාජපක්ෂ සමාගමට යළිත් දැඩි ප්‍රහාරයක්

මාර්තු 25, 2019

ඊයේ (24) පැවති හම්බන්තොට තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට...

විජිතමුණි පිල තීරණය කරයි:"මම රාජපක්ෂලත් එක්ක නැහැ"

මාර්තු 20, 2019

රාජපක්ෂවරුන්ට ඉදිරියේ තමන් සහය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි...