සිව්මංසල - Lanka News Web (LNW)


ගොයුම් එවරස්ට් ආරච්චිගේ විසින් මීට වසර කීපයකට පෙරාතුව සංස්කරණය කරන ලද ‘අමාදි‘සඟරාවේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් වරක් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ, අප කියවිය යුතු පොත් බෙහෙවින්ම සුපරීක්ෂාකාරීව තෝරා ගත යුතු බවයි. ඒ මක් නිසාවත් නොව අපට සියලු පොත් අපගේ සමස්ථ දිවිය තුළදීම කියවිය නොහැකි බැවිනි.

අමරදේවයන් නික්ම ගොසිනි. බොහෝ අය ඔහු පිළිබඳව එක් එක් අයුරින් සටහන් තබා තිබිණි. අමරදේවයන් සප්ත ස්වරයෙන් අප අතර තබා ගිය මතක සටහන් මෙන් ම සිය ජීවන භාවිතාව තුළින් තබා ගිය සටහන්ද බොහෝය.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යේෂ්ට කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසූරිය මහතා විසින් රචිත 'ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාව' නම් කෘතිය අද (26) සවස 5.00ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේදී එළිදැක්වේ.

2016 පෙබරවාරි 28 වනිදා 88 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ හොලිවුඩ් හි ඩොල්බි තියටර්හිදී පැවැත්වේ. සිනමාව උදෙසා ලොව පිරිනැමෙන ඉහළම සම්මානය ඇකඩමික් සම්මානය හෙවත් ඔස්කාර් සම්මානය ලෙස පිළිගැනේ.

මරණය යනු තනිව යන ගමනකි. නමුත් මිනිසෙකුගේ මරණය ආරංචි වූ සැණින් දහස් ගණනකගේ නෙත් හැඬවේ නම් ඔහු උපන් ස්ථානය සහ මියගිය ස්ථානය කරා රොක්වන ජනකාය ඔහු වෙනුවෙන් මල් පොකුරු තබා ශෝකය ප්‍රකාශ කරත් නම් ඔහු මිනිස් හදවත් කෙරේ යමක් දායාද කළ අයකු විය යුතුමය. ඔහුගේ මරණය පිළිබඳ දැනුම් දීම ලද සැණින් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු විද්‍යුත් නාලිකා මොහොතකට කැළඹී ගියේ ය. ඔහු ජනප්‍රිය පොප් ගායන තරුවක් වූ ඩේවිඩ් බෝවි නම් විය.
 
1947 ලන්ඩනයේ බ්‍රික්ස්ටන්හි උපත ලද ඔහුගේ මුල් නම ඩේවිඩ් රොබට් ජෝන්ස් විය. පසුකලෙක ඔහු ඩේවිඩ් බෝවි නමින් ජනප්‍රිය විය. කුඩා කල පටන් සංගීතය කෙරෙහි ලැදියාවක් දැක්වූවකු වූ ඔහු සිය දශක පහක කලා දිවිය තුළ ඔහු ගායකයකු, ගීත රචයකකු, වාදකයකු, තැටිගත කිරීම් නිශ්පාදකයකු, නළුවෙකු මෙන් ම චිත්‍රශිල්පියකු ලෙස ද විසිරුණු පරාසයක සිය හැකියාවන් දක්වා තිබිණි. බොහෝ වර සම්මානයට පාත්‍ර වූ සහ බ්‍රිතාන්‍ය මෙන් ම ඇමරිකානු ගීත දර්ශකයන් හි ඉදියෙන් ම තිබූ ඔහුගේ ගීත අඩංගු ගීත ඇල්බමයන් මිලියන 140ක් පමණ මෙම කාල පරාසය තුළ විකිණී තිබිණි. 
 
බ්‍රිතාන්‍ය සංගීත ඉතිහාසයේ යුගයක සලකුණක් ලෙස මෙන් ම එහි දිශානතිය වෙනස් කළ පුද්ගලයකු ලෙසද හැඳින්විය හැකි බෝවි සිය 69 වන උපන් දිනය දා සිය අවසන් ගීත ඇල්බමය වූ Blackstar නිකුත් කොට තිබිණි. පුරා 18 මසක් අක්මාවේ පිළිකාවක් හා සටන් වැදි ඔහු පවුලේ සාමාජිකයන් අතර හිඳිමින් නිව්යෝක් නගරයේ මෑන්හැට්න් හිදී 2016 ජනවාරි 10 වනදා සමාදානයේ සැතපුණු බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. සැබැවින් ම ඔහු විශිෂ්ටයකු වීය. ජීවන ගීතයෙන් සමුගත් දා ලද රසික ප්‍රතිචාරයන් ම ඊට සාක්ෂි විය. 
 
ඔහුගේ ගීත දෙකක් පහතින් දැක්වේ. 
 
[youtube height="350" width="560" align="left|right|none"]https://www.youtube.com/watch?v=nFX1y62l9C4[/youtube]
 
david bowei

තරංගනී රෙසිකා ප‍්‍රනාන්දුගේ ( තරුරසී) ''තරු ඇස් රහස් '' කාව්‍ය සංග‍්‍රහය ජනගත කිරීමේ උත්සවයක් 2016 ජනවාරි 16 සෙනසුරාදා සවස 3.30 ට සත්කෝරල ලේඛකයින්, කවීන් ඇතුළු ප‍්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් කුලියාපිටිය, කබලෑදෙවිගම ප‍්‍රජා ශාලාව අබියස දී පැවැත්වේ.

කාලයක නිහැඩියාවකින් පසුව වෙනස්වෙමු කවය, මාධ්‍ය ලක්ෂය සංවිධානය කරන විසාකේස චන්ද්‍රසේකරම් ලියූ රජ සහ ඝාතකයා පොත පිළිබඳව සාකච්චාව සහ සංස්කෘතික වැඩසටහන 2016 ජනවාරි 18 සවස තුනට කොළඹ එන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb