සිව්මංසල - Lanka News Web (LNW)

රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'හිරුත් හිම පියල්ලක' කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 2010 වර්ෂයේ දී ය. ඒ වර්ෂයේ දී අදාළ සම්මානය සඳහා ඉදිරිපත් වූයේ කාව්‍ය ග්‍රන්ථ පනස් හයක් පමණක් වග මස්ඉඹුල පසුගිය දිනෙක පැවැත්වූ සාහිත්‍ය දේශනයක දී ප්‍රකාශ කළේය. ඉන් වසර හත අටක ඇවෑමෙන් පසුගිය වර්ෂයේ පැවති 2017 වසරට අදාළ කාව්‍ය සම්මාන තරග සඳහා කවි පොත් එකසිය පනහ ඉක්මවා ඉදිරිපත් වූ බව ද ඔහු කීවේය. තවමත් හරියටම ගණන් බලා නැති නමුත් නිමා වූ 2018 වසරේ දී නිකුත් වූ කවි පොත් සංඛ්‍යාව ප්‍රමාණයෙන් දෙසීය ඉක්මවන්නට ඉඩ ඇති බව අපේ විශ්වාසයයි. කුමන තත්ත්වයක් යටතේ වුව කවියේ මේ පිබිදීම අමන්දානන්දයකි. සැප්තැම්බර් සාහිත්‍ය වසන්තයෙන් පසුව 2018 වර්ෂය අග්ගිස්සේ දී ද සැලකිව යුතු තරම් කාව්‍ය සංග්‍රහ ප්‍රමාණයක් සහෘදගත වනු දැකගන්නට ලැබුණි. ලසන්ත ද සිල්වාගේ 'තුනී තුරුපත් මත ගැඹුරු ඉරි' කවි සරණිය ද ඒ අතරින් එකකි. දෙසීයක්‌ පමණ වූ කවි පොත් අතර මෙය තවත් එක් පොතක් පමණක් ද? එකී කවියන් අතර ලසන්ත ද සිල්වා ස්ථානගත විය යුත්තේ කොතැනද? අපි බලමු! මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

රවීන්ද්‍ර හේවාවිතාරණගේ "නිල් අහස ඇවිද යමි" පද්‍ය සංග්‍රහය ජනගත කිරීම එළඹෙන 24 වැනි දින පස්වරු 03.00ට මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.

මෙරට සංගීතය ජාත්‍යන්තර මට්ටමට ගෙන ගිය ප්‍රකට සංගීතවේදී, ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාලගේ නවතම මියුසික් වීඩියෝව 'සිංහ ලෝකයේ සිංහයා' ඊයේ (16) එළිදැක්විණි.

ජනක රත්නායකගේ ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ පාට පාට හීනයක් අවසන් කොටසේ අවසන් රූප රාමුවේ නිමාලිගේ හා සුමේධගේ රූප සමග මෙන්න මේ වචන ටික තිබුණා. “අතරින් පතරේ වියැකීලා – සටනින් අද මා දිනුවා.”

දහ අටවන සියවසෙහි අග භාගයේ පටන් අද දක්වාම කලාව,සාහිත්‍යය, දර්ශනය තුළ පමණක් නොව දේශපාලනය තුළ පවා ඉතා පුළුල් අර්ථයකින් අද්භූත සම්ප්‍රදායී(Romantic) ව්‍යාපාරය හෙවත් රොමෑන්ටික්වාදයේ ආවේණික ලක්ෂණයක් වන්නා වූ හැඟීම බහුල වීමේ බලපෑම දක්නට ලැබේ. මෙය සක්‍රීය අන්දමින් හෝ නිෂ්ක්‍රීය අන්දමින් ඉහත සඳහන් කළ සියලු දේවල් වල බලපෑමට හසුව ඇත. ෂාන් ෂාක් රූසෝ (1712-1778) ගේ මාර්ගයෙන් එය මුල සිටම දේශපාලනය හා සමඟ සම්බන්ධ විය. මෙය පසුව දර්ශනය සමඟ සම්බන්ධ වූ අතර ආරම්භයේදී එය දර්ශනය සමඟ සම්බන්ධ නොවීය. මෙය ප්‍රධාන ස්වරූපයෙන් ගත් කළ පිළිගත් ආචාර ධර්මානුකූල හා රසික සම්මුතිවලට විරුද්ධව නැගී සිටීමක් වශයෙන් සළකා බැලිය හැක. මෙම සම්ප්‍රදායේ ප්‍රභවයට ස්විස් ජාතික රූසෝ මුල් වුවද එය මුලදී ප්‍රධාන වශයෙන් ජර්මන් විය. ජර්මන් රොමෑන්ටික්වාදීන් කෝල්රිජ් හා ෂෙලී වෙත බලපෑ අතර ප්‍රංශයෙහි දුබල ස්වරූපයකින් යුතුව වුවද රාජත්වය යළි පිහිටුවීමෙන් පසුව වික්ටර් හ්‍යුගෝ දක්වා පැතිර ගිය අතර ඇමෙරිකාවේදී සම්පූර්ණයෙන්ම ශුද්ධ වශයෙන් මෙල්විල්,තෝරෝ හා බෘක් ෆාම් තුළ දක්නට ලැබී ඉමර්සන් හා හෝතෝන් තුළ මඳක් අඩු වශයෙන් දක්නට ලැබුණේය.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb