සිව්මංසල - Lanka News Web (LNW)

 

වර්ෂයක් පාසා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය හා සම්පත් බැංකුව එක්ව සංවිධානය කරනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවරත් පසුගිය 15 වැනිදා සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

හෙන්රි වර්ණකුලසූරිය විසින් රචිත නවතම කෘතිය වන "කී - නොකී කතා" ග්‍රන්ථය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 22 වනදා සවස 4.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිදු කෙරේ.

තරුණ ලේඛිකා නතාලි දේවින්කා විසින් රචිත Naked and Exposed කෘතිය එළඹෙන 21 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතය.

චමල් අකලංක පොල්වත්තගේ විසින් රචිත "ආදරේ රත්නපුර වගේ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 16 වනදා සවස 3.00ට දියත එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

මාධ්‍යවේදියකු සහ නිර්මාණශීලී ලේඛකයකු වන තිඹිරියාගම බණ්ඩාර තම පුවත් දිවියෙහි තිස් වසරක අත්දැකීම් අලලා ලියූ 'ගිනිගත් දේශයක' කෘතිය ජනගත කිරීම 2018 සැප්.19 දා බදාදා ප.ව.4.00 ට බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්වේ.

දමිත් විලේගොඩ විසින් රචනා කරන ලද "එහෙ මෙහෙ යන අතර" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 17 වනදා බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත්වේ.

එහිදී හෂිත අබේවර්ධන සහ කපිල එම්. ගමගේ යන කවියන් විසින් දේශන පැවැත්වීමට නියමිතය.

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් කවියට හිතැති සැමට දමිත් විලේගොඩ ආරාධනා කරයි.

සාහිත්‍ය විචාරකයකු වන ජයසිරි අලවත්ත විසින් රචිත නවතම විචාර කෘතිය වන ‘‘කාව්‍යාලාප’’ සහ මකරන්ද කාව්‍ය විමංසා (සංශෝධිත තෙවන මුද්‍රණය) කෘති ද්වය පිළිබඳ වූ කතිකාවක් සැප්තැම්බර් මස 16 වන දින සවස 03.00ට නුගේගොඩ පුස්තකාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සුමිත් චාමින්ද විසින් රචිත "අනන්තමය නිමේෂයක" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම 2018 සැප්තැම්බර් 14 වනදා සවස 4.00ට බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වේ.

සම්මානනීය ලේඛක චම්මින්ද වෙලගෙදර විසින් රචිත “සන්තිපරං” නවකතාව 2018 සැප්තැම්බර් 12 වන දින සවස 3.00 ට ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb