මහැඳුරු රාජ් සෝමදෙවගේ කැණීම් බලපත්‍රය අහිමිකිරීමේ හේතුව හෙළිවෙයි! - Lanka News Web (LNW)

මහැඳුරු රාජ් සෝමදෙවගේ කැණීම් බලපත්‍රය අහිමිකිරීමේ හේතුව හෙළිවෙයි!

මහාචාර්ය රාජ් සෝමදේව පිළිබඳ විවිධ මතිමතාන්තර විවිධ පාර්ශවයන් සතුව තිබිය හැක. එහෙත් එතුමා ජාතික වස්තුවකි. මේ සටහන එතුමා අපගේ සමීප මිතුරකු නිසා නොවේ. එතුමා කරන අති දැවැන්ත ජාතික මෙහෙවර නිසාවෙනි.

 

“පළමුව කපනු ලබන්නේ සෘජු හා උස ගස්ය“ යනු ජනප්‍රිය ඉන්දියානු කියමනකි. සොමදේවයන් පිිළිබඳව විවිධ මත දරන්නන් පිළිබඳ අපට ගැටලුවක් නොවේ. එහෙත් බොහෝ දෙනාට සෝමදේවයන් පිළිබඳ බියක් දැනී ඇති බව නම් පැහැදිළිය. හැකි පෞරුෂයන් පිළිබඳ බය ඇති කරගන්නා ලිලිපුට්ටෝ විවිධ දෙකයි පනහේ වැඩ කරති.

ඒ සියල්ල කාලීනව ප්‍රභලයා අභියස මල් පොකුරු බවට පත්වන බව අපි දනිමු. එහෙත් මේ අවස්ථාවේ සෝමදේවයන් මුහුණ දී ඇති අභියෝගය හමුවේ අප එතුමා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ මිත්‍රත්වයේ නාමයෙන් නොවේ. හෙළයන් වශයෙනි.

මේ භූමියේ සැඟව පවතින කල්පකාලාන්තරයක් ඈතට දිවෙන අභිරහස් ඔස්සේ අපේ අතීතය ඉතිහාසය පිළිබදව කරන්නාවු සාක්ෂි සාධක සහිත එනම් ආනුභවික (empirical) අනාවරණයන්හි අපට ඇති අදාලත්වය නිසාය.

මහාචාර්ය රාජ් සෝමදේවයන් යනු ස්කැන්ඩිනේවියානු විශ්ව විද්‍යාලයකින් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත දැනට ලෝකයේ සිටින විශිෂ්ඨතම පුරාවිද්‍යාඥයින් අතුරෙන් එක් විද්වතෙක් බව බොහෝ දෙනා දන්නේ නැත.

එතුමාගේ පර්යේෂණ උපාධි අධ්‍යයයනයන් කොහේ සිදු කරන ලද්දේ වුවද, එතුමා කොඩ්රිංග්ටන්ලාගේ කනිංහැම්ලාගේ සම්ප්‍රදායේ පුරාවිද්‍යාඥයකු නොවේ. එතුමා නිතර අප සමග කියන්නේ අපේ දේ අපට අවශ්‍ය න්‍යාය පත්‍රයක් අපට අවශ්‍ය ක්‍රමවේදයක් ගුරුකොට ගනිමින් කැණිය යුතු බවය.

‍සෝමදේවයන් කල්තොට කළ සමීක්ෂණය බොහෝ දෙනාට ආසාත්මික විය. ඊටහේතුව එවැනි සිදුවීම් දඩමීමා කරගනිමින් පවතින යැපෙන දේශපාලන ආර්ථික යටිකූට්ටු වැඩ හැර වෙනත් කිසිවක් අප වර්තමානයේ අත්විඳන අනාර්ය අත්‍යාචාරයන්හි නොමැති බැවිණි. සෝමදේව යනු හුදෙක් පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයනාංශ අරක්ගෙන තම කාමරය අරක්ගෙන තම රථය අරක්ගෙන මහාචාර්ය පට්ටහේ උෟෂ්ණය විදහාපාමින් පොළවට සමාන්තරව නිකට පවත්වාගෙන සිටින මිනිසකු නොවේ. ඔහු මා දන්නා පරිද්දෙන්, පොළවේ පය ඇන සිටින අපේ කාලයේ මහා ප්‍රාඥයෙකි; බුද්ධිමතෙකි.

සෝමදේවයන්ගේ ජනප්‍රියතාව ඉහළ යන්නේ බොරු සාටෝප වලින්, බලය හිමි දේශපාලනඥයාට ආවැඩීමෙන් නොවේ. එක එකාට කඩේ යාමෙන් නොවේ. මේ රටට භූමියට ආදරය කරන්නවූ එහි දිග පළල දැවැන්ත භාවය පපුවට දැනෙන්නාවූ මිනිසුන් වෙනුවෙන් පරණ කලිසමක් හැඳ කොහේ හෝ ගල්ලෙනක කන්දක මිනීවලක පොළව හාරමින් යුක්තිය හා සත්‍යය සොයා මහන්සි වන නිසාය. ඒවා ඔහේ ඉබාගාතේ බිම හාරන වනසූකරයන්ට හා බිම් ඌරන්ට වැටහෙන්නේ නැත. සෝමදේවයන් මහජන විද්වතකු (public Intellectual) වන්නේ එහෙයිනි.

පළමුව සිදුවී ඇති දෙය තේරුම් ගනිමු. ඒ නැතිව විවිධ උපකල්පන අභ්‍යුපගමන හිතලු ඔස්සේ ඩිජිටල් අරගල කලාට වැඩක් නැත. එතුමා සිය කැනීම් සඳහා වන බලපත්‍රය අලුත් කරගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත වෙනුවෙන් මාස ගණනාවක් යනතුරුත් බලපත්‍රයක් නිකුත් නොකෙරිනි. ලංකාවේ පුරාවිද්‍යා ආඥා පනත ඉතාම බල සම්පන්න පනතකි. එහි කිසිතැනක පුරා විද්‍යාඥයින් සඳහා බලපතු නිකුත් නොකළ යුතුයැයි කියා නැත.

එහෙත් යම් කැනීමක් නිසා පුරා විද්‍යාත්මක ස්ථානයකට හානි වන්නේ නම්, එ් කැනීම නවතා දමන්නට නොව, එම හානිය අවම වන පරිද්දෙන් කැනීම කරන්නට අවසර තිබේ. එහෙත් කලකට ඉහතදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ ස්ථාවර නියෝගයක/චක්‍රලේකයකට අනුව, පුරා විද්‍යා කැනීමක් කිරීමට අවසර ගැනීම සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතුය. එය ගෙන ඒම ඉතාම විහිලු සහගත ක්‍රියාවකි. නිදහසේ කැනීම් කරමින් අතීතය ඉතිහාසය විද්‍යාත්මකව අනාවරණය කිරීමට බාධා කිරීමකි.

ඒවා ගෙන ආවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අරක්‌ගෙන සිටි බහිරවයකු විසිනි. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ තනතුර දැරීමට සුදුසුකම් දරන්නේද යන්න අවශ්‍යයෙන්ම සොයා බැලිය යුතුය. සැබෑ මහාචාර්යවරුන්ට පර්යේෂණ කරන්නට බැරි වන්නේ නමට පමණක් මහාචාර්යලා (හෙවත් පිනාචාර්යලා) මහපුටු අරක්ගත් විටදී්‍ය.

මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ කැනම් බලපත නිකුත් නොවීම ගැන විමසද්දී අධ්‍යක්ෂ ජෙනරාල් කියන්නේ තමාට මෙතෙක් එතුමා කර ඇති කැනීම් පිළිබඳ වාර්තා අවශ්‍ය බවයි. සෝමදේවයන් විසින් විධිමත්ව පළකරනු ලැබූ සියලු වාර්තා ලබාදුන් විට ලැබෙන පිළිතුර විහිළු සහගතය.

මේ වාර්තා අධ්‍යයනය කිරීමට ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතු නැති බවය!.ඒ උත්තර කාගේදැයි අපි දනිමු. සෝමදේවයන්ට පහර ගැසීමට පඩිගෙවා නඩත්තු කරන්නේ කවුරුන්වදැයි අපි දනිමු. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය තුළ සෝමදේවයන්ට එරෙහිව කටයුතු කරන්නන් කවුරුන්දැයි අපි දනිමු. එහෙත් ඒ පෞද්ගලික එදිරිවාදිකම් වෙනුවෙන් මේ සා දැවැන්ත විද්වතකුගේ පර්යේෂණ නිදහස නැතිකිරීම සාපරාධී අපරාධයකි.

සෝමදේවයන් යනු විද්වත් ශාස්ත්‍රී්‍ය ව්‍යවසායකත්වය සහිත පඬිරුවණකි. මන්ද වැටුපට හෝ ඉඳහිට ලැබෙන පර්යේෂණ ප්‍රතිපාදනයන්ට පමණක් සීමාවී කැනීම් කරන්නට බලා නොසිටින එමෙන්ම සිය ජීවිත කාලය තුළ කල හැකි උපරිම සේවය ජාතිය හා රට වෙනුවෙන් කරන්නට වෙර දරන්නෙකි. එතුමාගේ ඒ කැපවීම නිසාම විවිධ පාර්ශව එතුමාට ආදරය කරයි. එතුමා හා සම්බන්ධ වෙයි.

‍මේ රට ලෝකයේ පුරාවිද්‍යාත්මක ගනත්වය අතින් ඉතා වැඩිම රටකි. මෙතෙක් කැනීම් කර ඇත්තේ 10%ත් අඩු ප්‍රමාණයකි. එහෙත් අප සිතන්නේ 1%වත් කැනීම් කර නොමැති බවය. තවත් පර්යේෂකයකුගේ පර්යේෂණයක් විසින් අපගේ න්‍යායක් සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය විද්වත් දෘෂ්ටියකින් බැලීමට පර්යේෂකයන් ලෙස අපි පොරොන්දු වී සිටිමු. එය පෞද්ගලික කෝන්තරයක් නොවේ. විෂයය සංවර්ධනයේ ස්වභාවයකි. එහෙත් පුරාවිද්‍යාවේ පරණ කාක බෝධි (හා ගෝලබාලයන්) සම්බන්ධයෙන් මේවා වලංගු නැත.

ඔවුන් ගිය දුරට වඩා කැනිය නොහැක. ඉතිහාසය වෙනස් කළ නොහැක. ඒ බමුණු මත මැද, බමුණු දළ මැද සෝමදේවයන්ට යුක්තිය අපේක්ෂා වෙන් ඉවසන්නට සිදුවී ඇත. යුක්තියේ රෝදය කැරකෙන දෙස අපි බලා සිටිමු.

මහාචාර්ය සෝමදේවයන්ට යුක්තිය පසිඳලන්නට සිටින්නේ කවුරුන්ද? එතුමාට යුක්තිය ඉෂ්ට කරතියි අප සිතන්නන්ටද එතුමා නවතා ලීමේ වුවමනාවක් තිබේ. දේවානම්පියතිස්සද දෙමළ ජාතිකයකුයි කියමින් සිංහලයන් ලංකාවට එනවිට දෙමළ ජාතියකියන් මෙහි සිටියේය ආදී බේගල්ද කි විග්නේෂ්වරන්ට උත්තර බැන්දේ එතුමාය.

උතුරු නැගෙනහිර හමුවන ඕනෑම මිනී ඇට කෑල්ලක් හමුදාව විසින් ‘ම්ලේච්ඡ‘ ලෙස මරාදමනු ලැබු දෙමළ වැසියන්ගේ යැයි කියන්නට කටබලියාන සිටින්නන්ගේ මුඛ කුහර නිරුත්තර වන්නේ එතුමා මන්නාරම් සමූහ මිනීවලේ සිදුකළ කැනීම් මැදිහත් වීම නිසාය. රටේ ඉතිහාසය තීරණය කරන්නට පමණක් නොව උදෑසන ශරීර කෘත්‍යය කර සෝදන්නට පිහදාගන්නද යන්න පවා ඇමරිකාවෙන් ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යයෙන් අසා තීරණය කරන පවුකාර දේශපාලනඥයින්ගෙන් සමන්විත අපේ පරගැති පාලක පද්ධතියටද එතුමාගේ වැඩ නවතා ලිමේ වුවමනාව තිබේ!

ඒ සියල්ල මැද අපි මේ දෙස උපේක්ෂාවෙන් එහෙත් දැඩි විමසිල්ලෙන් බලා සිටින්නෙමු. තත්ත්වය වෙනස් කරන්නට වගකිවයුත්තන් මැදිහත් වේයැයි සිතමු. එසේ නොවන්නේ නම්, ඊටද මුහුණ දීමට අප සූදානම් ය. මන්ද සෝමදේව හුදෙක් මිතුරකු නොව ජාතික වස්තුවක් බැවිනි!!

ආචාර්ය චමිල ලියනගේ
(ආචාර්ය චමිල ලියනගේ මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

රනිල්ගෙන් ලියුම අරන් එන්න පැයෙන් වැඩේ කරනවා

ඔක්තෝබර් 9, 2018

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමත ලිපියක් රැගෙන එන්නේ නම් අමාත්‍යධූරයක්...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...