රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කළ යුත්තේ කෙසේද? - දිනේෂ් වීරක්කොඩි විසිනි

රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කළ යුත්තේ කෙසේද? - දිනේෂ් වීරක්කොඩි විසිනි

11 January 2019 08:32 am

රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම මෑතකදී ආන්දෝලනයට ලක්වූ රාජ්‍ය ව්‍යවසායන් සඳහා සිදුකළ පත්වීම් හේතුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අපේක්ෂිත සුදුසුකම් සපුරා නොමැති අපේක්ෂකයින් ඉවත් කිරීමේ උත්සාහයක් ලෙස තෝරාගැනීමේ නිර්ණායක පිළිබඳ නව නිර්දේශ නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලු පත්වීම් සිදුකිරීමට පෙර සිය කාර්යාලයෙන් අවසර ගත යුතු බව දන්වා ඇත. අග්‍රාමාත්‍යවරයාද සඳහන් කර ඇත්තේ එය ප්‍රධාන ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේදී අනුගමනය කළ යුතු හොඳ සංකල්පයක් බවයි. මෙම පත්වීම් පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. කෙසේවුවද පත්වීම්වල ගුණාත්මකභාවය, ඔවුන් තෝරා පත්කරනු ලබන පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය රඳා පවතී. ප්‍රධාන අමාත්‍යාංශවල ලේකම්වරුන් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද මෙය අනුගමනය කළ යුතුය. අපගේ රාජ්‍ය සේවයේ හැකියාවන් සහ වපසරිය සැලකිල්ලට ගැනීමේදී නිශ්චිත රැකියාවක කාර්යභාරය සඳහා අපේක්ෂිත නිපුණතා හා පෞරුෂය ඵලදායී ලෙස ගැළපීමේ හැකියාව සැමවිටම අභියෝගයක් විය. පෞද්ගලික අංශය තුළ මෙය සාර්ථක කළමනාකරණය හා නායකත්වයේ වැදගත් අංගයක් ලෙස හඳුනාගෙන ඇත. ආණ්ඩුවේ ප්‍රධාන කාර්යයක් සඳහා නුසුදුසු පුද්ගලයෙක් පත්කිරීම, රාජ්‍ය අංශය අසාර්ථකවීමට හා බදු ගෙවන්නන්ගේ මුදල් නාස්තිවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. රාජ්‍ය අංශය සඳහා ඇති අනෙක් අභියෝගය වන්නේ වැටුප් ගෙවීමේ ක්‍රමයයි. හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් බඳවා ගැනීම මෙන්ම ඔවුන් රඳවා තබා ගැනීමට මෙය අතිශයින් වැදගත් ය. සුදුසුකම් ලත් හා වෘත්තීයමය මානව ප්‍රාග්ධනය බඳවා ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ක්ෂේත්‍රය තුළ ගෙවන මට්ටමට හෝ එය ඉක්මවා යන වැටුපක් ගෙවීමට සිදු වේ. මෙය රාජ්‍ය අංශය තුළ සිදු කිරීම අපහසුය.

 

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රාජ්‍ය ව්‍යවසායන් නිසි ලෙස උපයෝජනය කිරීම සහ කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා සහයෝගීව කටයුතු කළ යුතුය.

අමාත්‍යාංශවලට ආයතන වෙන් කළ යුත්තේ කෙසේද?

අනෙක් අභියෝගය වන අමාත්‍යාංශවලට ආයතන වෙන් කිරීමේදී විෂයයන්හි සමානකමේ පදනම මත ඒවා වෙන් කිරීම විචක්ෂණශීලී වේ.

අතීතයේදී විෂයයන් සහ ආයතන තර්කානුකූල නොවන ලෙස අමාත්‍යාංශ වලට වෙන් කර ඇත. උදාහරණයක් වශයෙන්, බැංකුකරණය හා මූල්‍ය අංශයට අයත් සියලු ආයතන (සේවක භාරකාර අරමුදල් මණ්ඩලය හැර), රක්ෂණ හා ලොතරැයි අංශයට අයත් සියලු ආයතන සහ ලංකා හෝටල් සංවර්ධන සමාගම (අලෙවි හා බෙදාහැරීම් යටතේ) ලංකා රෝහල (පෙර ඇපලෝ රෝහල) රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ යටතට ගෙන තිබුණි. සියලු බැංකු හා මූල්‍ය ආයතන නියාමනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ පාලනය විය. එබැවින් රාජ්‍ය ආයතනවල මූල්‍ය ප්‍රතිපත්තිය එකිනෙකට වෙනස් අමාත්‍යාංශ දෙකක් විසින් ක්‍රියාත්මක කළ යුතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රතිපත්තීන් හි ගැටුම් ඇතිවීමයි. එබැවින් සියලුම රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන මුදල් අමාත්‍යාංශය යටතේ ඒකාබද්ධ කිරීම ඥානාන්විත ක්‍රියාවකි.

ඒ හා සමානව අනෙකුත් රාජ්‍ය ව්‍යවසායකයන්ට කාර්යයන් එම විෂය ක්‍රියාත්මක කරන අමාත්‍යාංශවලට වෙන් කළ හැකිය. නිදසුනක් වශයෙන්, සෞඛ්‍ය විෂය සඳහා ඇති ආයතන, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ යුතු අතර, ස්වාධීන අමාත්‍යාංශයක් විය යුතු මාධ්‍ය අමාත්‍යාංශය යටතට පහත සඳහන් ලයිස්තුවේ මාධ්‍ය යටතේ දක්වා ඇති ආයතන තිබිය යුතුය.

එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද?

සමාන කාර්යයන් පැවරී ඇති ආයතන එක් අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වීමෙන් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපරිම දායකත්වය ඒ වටා ඒකරාශී වීම තහවුරු කරනු ඇත. එවිට කාර්යභාරය වර්ධනය කිරීම හා එහි ඇති ආයතනවල ආදායම් උත්පාදන අවස්ථා වැඩි කිරීම සඳහා උපාය මාර්ගිකව අවධානය යොමු කිරීම සඳහා අමාත්‍යවරයාට හැකියාව ලැබේ. මේ සඳහා ඔහුට දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය වේ.

අමාත්‍යාංශවලට ආයතන වෙන් කිරීම

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (COPE) යටතේ පාලනය වන ආයතන:

බැංකුකරණය සහ මුදල්

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ජාතික ඉතිරිකිරීමේ බැංකුව
• රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
• ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC)
• ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව
• සේවක භාරකාර අරමුදල

රක්ෂණ

• ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
• ජාතික රක්ෂණ භාර අරමුදල
• ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව
• කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

බලශක්තිය

• ලංකා විදුලිබල මණ්ඩලය
• ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

වරාය

• ශ්‍රී ලංකා වරාය අධිකාරිය

ජලය

• ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

ගුවන්

• ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම
• ශ්‍රී ලංකා එයා(ර්)ලයින්ස්
• මිහින් ලංකා

මගී ප්‍රවාහන

• ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය

ඉදිකිරීම්

• රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
• මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය
• රාජ්‍ය සංවර්ධන හා ඉදිකිරීම් සංස්ථාව

ගොවිපොළ

• මිල්කෝ ලිමිටඩ්
• ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

වැවිලි

• රාජ්‍ය ලංකා වැවිලි සංස්ථාව
• ජනතා වතු සංවර්ධන මණ්ඩලය
• කුරුණෑගල වැවිලි සමාගම
• ඇල්කඩුව වැවිලි සමාගම
• හලාවත වැවිලි සමාගම
• කළුබෝවිටියන තේ කර්මාන්තශාලාව
• ශ්‍රී ලංකා කජු සංස්ථාව

පුනර්ජනනීය නොවන සම්පත්

• ලංකා ඛනිජ වැලි සමාගම
• ලංකා පොස්පේට් සමාගම
• කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ්

ලොතරැයි

• සංවර්ධන ලොතරැයි මණ්ඩලය
• ජාතික ලොතරැයි මණ්ඩලය

සෞඛ්‍ය

• ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සහ නිෂ්පාදන නීතිගත සංස්ථාව
• ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව
• ශ්‍රී ඖෂධ නීතිගත සංස්ථාව
• ශ්‍රී ජයවර්ධනපුර රෝහල

මාධ්‍ය

• ස්වාධීන රූපවාහිනී සේවය
• ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
• ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

අලෙවිකරණය හා බෙදාහැරීම

• ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය
• රාජ්‍ය දැව සංස්ථාව
• සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
• ලංකා සතොස
• රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
• ලංකා ධීවර සංස්ථාව
• ලංකා ධීවර වරාය සංස්ථාව
• ලංකා පොහොර සමාගම
• කොළඹ වාණිජ පොහොර සමාගම
• හෝටල් සංවර්ධන සමාගම

ඉදිරි දැක්ම කුමක් විය යුතුද?

කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කටයුතු කිරීම තුළින් රාජ්‍ය ආයතනයන්ට, ජාතික ආර්ථික සහ සමාජීය ඉලක්කයන් සපුරා ගැනීම සඳහා සේවය සැපයිය හැකි අතර, එමගින් අතිරික්තයක් ඇති කිරීම හා ජාතික අයවැය සඳහා දායකත්වය ලබා දීමට හැකිවේ. රාජ්‍ය ව්‍යවසායන්හි තරඟකාරීත්වය දියුණු කිරීමට දක්ෂයින් සිය කාර්යය මණ්ඩලයට සම්බන්ධ කරගැනීම හා රඳවා ගැනීම අත්‍යාවශ්‍ය වේ. රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව පොදුවේ පවතින මතයක් වන්නේ එම ආයතන්හි ඇති නිළධාරිවාදය හා ධූරාවලිය හේතුවෙන් උසස්වීම් සඳහා කාර්ය සාධනයට වඩා පෞද්ගලික සබඳතා හා ජේෂ්ඨත්වය සලකා බලන බවයි. එබැවින් දක්ෂයින් එම ආයතන සමග සම්බන්ධ වීමට පසුබට වේ.

එබැවින් කාර්යසාධනය පදනම් කරගත් තරගකාරී වැටුප් හා ප්‍රතිලාභ ක්‍රමයක් හඳුන්වා දීමෙන් දක්ෂතා සහිත පුද්ගලයන් රටේ ප්‍රධාන ආයතන වෙත ආකර්ෂණය කර ගත යුතුය. උදාහරණ ලෙස විශාලතම ජංගම දුරකථන සේවා සපයන ආයතනයක් වන චයිනා මොබයිල් වැනි ආයතන බහුපාර්ශවික සමාගම් විසින් පිරිනමනු ලබන ප්‍රතිලාභයන්ට සමාන ප්‍රතිලාභ ලබා දේ. එබැවින් අවශ්‍යතාවය අනුව රැකියාවන් සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා දිය යුතු අතර, විශේෂිත කාර්යයන් සඳහා නිළධාරීන් තෝරා ගැනීමේදී රැකියාව ඵලදායී ලෙස සපුරාලීමේ සුදුසුකම් හඳුනාගැනීමේ නිපුණතාව හා පෞරුෂය ඇති පුද්ගලයින් විසින් තෝරා ගැනීම කළ යුතුය.