ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

14 April 2019 08:34 am

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) ඩේලි එෆ්ටී පුවත්පත සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) විසින් මාර්තු මස 19 වනදා කොළඹ හිල්ටන් හෝටලයෙහිදී විශේෂ සංවාද මණ්ඩපයක් FIRESIDE CHAT සංවිධානයකරන ලදි.

 

එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ප‍්‍රමුඛ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වශයෙන් දරා ගැනීමට සිමුව ඇති ඉහළ ණය බර, ජනගහනය වයස්ගතවීම, අපනයන සීමාවීම හා ආයෝජන සීමාවීම වැනි අප මුහුණ පාන ගැටළු රාශියක් පිළිබඳව සංවාදයකට ලක්කරන ලදි.

ශ‍්‍රී ලංකාව ඉදිරි 2023 පමණ වන තෙක් ණය බරින් මිරිකී සිටිමට සිදුවනු ඇත. 2018 දී පමණක් 20% කින් පමණ රුපියලේ අගය අවප‍්‍රමාණය වී ඇත. විවිධ ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නද අප රට බාහිර හා අභ්‍යන්තර ව්‍යවසනයකට ගොදුරු වී ඇත. රට මුහුණපා ඇති ප‍්‍රධානතම ආර්ථික ගැටළු වනුයේ පවතින ඉහළ අයවැය හිඟය සහ රජයේ අධික ණය බරයි. මේ සඳහා විවිධ හේතු පවතියි. 1989 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 19% ක් වූ බදු අනුපාතය 2019 වන විට 10% ක් දක්වා අඩු වී ඇත. ප‍්‍රතිපත්ති අඛණ්ඩව ක‍්‍රියාත්මක නොවීම රාජ්‍ය ව්‍යවසායන් නිසි ලෙස ප‍්‍රතිසංස්කරණයට ලක් නොවීම මෙයට හේතුවී ඇත.

dammika

මෙම විවාද මණ්ඩපයේදී පේ‍්‍රක්ෂකයන් විසින් ශ‍්‍රී ලංකාව මුහුණපාන මෙම අභියෝගයන් පිළිබඳව යොමු කළ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින්, රාජය විසින් අනුගමනයකරන පිස්කල් ප‍්‍රතිපත්ති පෞද්ගලික අංශයට අභියෝගයක් වී ඇති බව අග‍්‍රාමාත්‍යවරයා අවධාරනය කලේය. ද්‍රවශීලතාව වැඩිකිරීම හා පොලී අනුපාත අඩු කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

2015 දී ආණ්ඩුව බලයට පත් වන විට පැවති ආර්ථික තත්ත්වය රාජ්‍ය මූල්‍ය ඒකාග‍්‍රතාවයට ප‍්‍රමුඛත්වය ලබා දීම සඳහා හේතු වූ බවද එතුමා නැවත සිහිපත් කළේය. මේ සඳහා බදු ආදායම වැඩි කිරීම අවශ්‍ය විය. අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ වෙළඳ නොවන භාණ්ඩ වෙනුවට වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම තුලින් අපනයනය වැඩිදියුණු කිරීම හා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි බවයි.

එවන් උත්සාහයක් මගින් සංචිත ඉහළ නැංවීමටත්, ශ‍්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ශක්තිමත් කිරීමටත්, පසුගිය වසර දහය තුළ අප රට දැනට පවතින අඩු ආදායම් කාණ්ඩයෙන් ඉවත්වීමට අවශ්‍ය පදනම සකසා තිබේ. අගමැතිතුමා අවධාරනය කළේ අප 2030 වන තෙක් මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන්නේ නම්, අපේ රටේ ණය අඩුකිරීමට හැකි වනු ඇත. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 35% ක් දක්වා නොපැමිණු ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% ක් පමණ වනු ඇත, එය කළමනාකරණය කළ හැකි තත්ත්වයකි" යනුවෙනි.

ආර්ථික වර්ධනයේ වැදගත්කම

වැලිබල් වන් සමූහ ව්‍යාපාර ආයතනයේ සභාපති ධම්මික පෙරේරා මෙහිදී වෙනස් අදහසක් දැරීය. ශ‍්‍රී ලංකාවේ වර්තමාන මැදි ආදායම් තත්ත්වය වෙතින් ඉදිරියට යාමට නම් නව රැකියා බිහිකිරීම හා නවෝත්පාදනයන් ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ‍්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව ඔහු පැවසීය. ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා වඩාත්ම අර්ථාන්විත වූ ක‍්‍රමයක් ලෙස රැකියාවන් උත්පාදනය කිරීම සඳහා ප‍්‍රතිපත්ති කේන්ද්‍රගත කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය. මෙම ණය අර්බුදය ශ‍්‍රී ලංකාව ලඟාකර ගැනීමට අපේක්ෂිත ආර්ථික වර්ධනයට බෙහෙවින්ම තීරණාත්මක ලෙස බලපෑම් කර ඇත.

මන්ද යත්, එය සාපේක්ෂව අධික ණය ප‍්‍රමාණයක් බැවිනි. අඩු මැදි ආදායම් ලබන අනෙකුත් බොහෝ රටවල ණය, දළ දේශීය නිෂ්පාදිත අනුපාතයට 55% - 60% ක් පමණ වේ. නමුත් ශ‍්‍රී ලංකාවේ එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% ක් වේ. මෙය අඩු කිරීම සඳහා, ආර්ථිකය විසින් යටිතල පහසුකම් සඳහා වන ආයෝජන වලට වඩා අපනයන පදනම සහ ආයෝජනය පුළුල් කිරීම සඳහා ක‍්‍රියා කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,000 ක් පමණ වන අතර, පසුගිය වසර කිහිපය තුළ පමණක් එය ඩොලර් 50 කින් පමණ වර්ධනය වී ඇති බව ධම්මික පෙරේරා පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාව ඩොලර් 10,000 - ඩොලර් 12,000 ක ඒක පුද්ගල ආදායම් ලබන රටක් බවට පත්වීම සඳහා සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා වත්මන් වර්ධන අනුපාතයට අනුව වසර 160 ක් ගත වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින් ශ‍්‍රී ලංකාව නව තාක්ෂණික ක‍්‍රමෝපායන් අනුගමනය කළ යුතු බවත්, නව කර්මාන්ත විවෘත කිරීමට මෙන්ම පවත්නා කර්මාන්තවලට වඩාත් තරඟකාරී වීමටත් ඉඩ සැලසිය යුතු බව ඔහු පැවසීය.

මෙහි දී ඔහු අදහස් දක්වමින් වැඩි දුරටත් කියා සිටියේ *ුමදඑ;ආර්ථිකය වර්ධනය වන විට ආදායම වැඩිවේ. ආර්ථිකය නව රැකියා නිර්මාණය නොකරන විට ආර්ථිකය විශාල ගැටළුවලට මුහුණ පා ඇති බව සෑම දෙනාම තේරුම් ගෙන ඇත. ආර්ථිකය වර්ධනය වෙමින් තිබේ නම්, ණය, ආදායම් මට්ටම් සහ බදු ඇතුළුව අනෙකුත් සියලුම අංශ කළමනාකරණය පහසු වනු ඇත. මෙය සිදු කිරීම සඳහා, නව්‍යකරණය, අධ්‍යාපනය, විනිවිදභාවය, කාන්තා සහභාගීත්වය, සංහිඳියාව, යහපත් රාජ්‍ය සේවකයින් සහ අපගේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීම අවශ්‍ය
වේ.

බදුකරණය සහ පොලී අනුපාත

අගමැතිතුමා සහ ධම්මික පෙරේරා රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාවය වැඩි කිරීම සඳහා බදු ආදායම වැදගත් වන අතර අධ්‍යාපන, සෞඛ්‍ය සේවා සහ නිවාස වැනි සමාජ ආරක්ෂණ අවශ්‍යතා සැපයීම සඳහා එවැනි පියවරයන් ප‍්‍රවේශමෙන් සැලකිල්ලට ගත යුතු බව අවධාරණය කරන ලදී. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අනෙකුත් සේවාවන් වැඩිදියුණු වුවත් ඉහළ බදු අනුපාතය එයට බාධා ඇති කරයි. අවාසනාවකට ශ‍්‍රී ලංකාව සඳහා බදු පදනම දුර්වල මට්ටමක පවතී. එබැවින් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, වංචා හා දූෂණය පාලනය කිරීම සහ අඩු වියදමකින් අරමුදල් සපයමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට උපකාර කිරීම තුළින් ආර්ථිකය නංවාලීමට හැකි වනු ඇත. එකම පුද්ගලයන්ට බදු ගැසීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන මෙහෙයුම් සීමා කිරීමට හේතුවනු ඇත.

gdp

උපායමාර්ග

පහළ මධ්‍යම මට්ටමේ සිට ඉහළ ආදායම් ලබන ආර්ථිකයක් දක්වා ගමන් කිරීම සඳහා එනම්, ඒක පුද්ගල ආදායම දළ වශයෙන් ඩොලර් 12,000 ක් දක්වා ගෙන ඒම සඳහා සමහර උපාය මාර්ගයන් ක‍්‍රියාත්මක කළ යුතුය. ඇතැම් සංවර්ධිත රටවල් ඩොලර් 4,000 සිට ඩොලර් 20,000 දක්වා ඒක පුද්ගල ආදායම වැඩි කරගෙන ඇත්තේ උසස් අධ්‍යාපන, වෘත්තීය හා තාක්ෂණික පුහුණුව සහ ප‍්‍රාථමික අධ්‍යාපනයටද, යටිතල පහසුකම් සඳහාද නිසිලෙස ආයෝජනය කිරීමෙනි.

වර්තමානයේ අප මුහුණ පාන විශාල ආදායම් පරතරය අවම කර ගැනීමට, දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ලෙස ඉහල දමා ගත යුතුය. ඒ සඳහා මානව ප‍්‍රාග්ධනය සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ යුතුය. විශේෂයෙන්ම අවාසි සහගත කණ්ඩායම් සහ පූර්ව ළමා අධ්‍යාපනය, ශ‍්‍රම වෙළෙදපොළ තුළ ඉහළ ඉල්ලූ‍ම සහ සමාජයීය පාරම්පරික හැකියාවන් වැනි ශ‍්‍රම වෙළඳපොළ තුළ වැඩි ඉල්ලූ‍මක් ඇති නව නිපුණතා වර්ධනය කිරීමට අවධානය යොමු කළ යුතුය. එසේම මානව ප‍්‍රාග්ධන සංවර්ධනය හා සමාජ ආරක්ෂණය සඳහා මූල්‍යමය අවකාශයක් සැපයීම, අවශ්‍ය අවස්ථාවන්හිදී බදු ක‍්‍රම පද්ධති වැඩිදියුණු කිරීමත්, විධිමත් වැටුප් මත සම්පූර්ණයෙන්ම රඳා නොපවතින සමාජ ආරක්ෂණය සහතික කිරීම සිදු කළ යුතුය.

එමෙන්ම ප‍්‍රතිසංධාන, පාරිසරික තිරසාරත්වය, අල්ලස් ගැනීම වැනි දෑ පිටු දැකීම වැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. මෙහි දී විශේෂයෙන්ම මධ්‍යම ආදායම් ලබන පවුල්වල වෘත්තීයමය සාමාජිකයින් දේශපාලන නායකයන් ලෙස තෝරා ගැනීම සඳහා දිරිගැන්වීම ඉතා වැදගත්වන අතර එය නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීම හා ඒ මගින් වන හානි අවම කර ගැනීමට ඇති එකම උපාය මාර්ගය ලෙස දැක්විය හැකිය.

 දිනේෂ් වීරක්කොඩි