පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිලිබඳ තොරතුරු සෞදි රජය දැන සිටි බව හෙළිවේ.

පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පිලිබඳ තොරතුරු සෞදි රජය දැන සිටි බව හෙළිවේ.

18 May 2019 08:14 am

සෞදි අරාබි රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිල්ලක් අනාවරණය කරගත් ලෙබනන් ජාතික ප්‍රවෘත්ති සේවයක් විසින් එම ලියවිල්ලේ ඇති තොරතුරු වලට අනුව ප්‍රහාරය සම්බන්ධ විස්තර සියල්ලක්ම සෞදි රජය දැන සිට ඇති බවට වාර්තා කරයි. මෙරට ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කරගත් සහරාන් හෂ්මි වැනි පුද්ගලයන්ගේ නම් සෞදිය සහ සම්බන්ධ වී තිබීමෙන් එම වාර්තාව තවදුරටත් තහවුරු වේ.

හිජ්රි නම් වූ ඉස්ලාමික දින දර්ශනය එම ලියවිල්ලේ අඩංගු අතර එහි 11/8/1440 යන දිනය සඳහන් වේ. සම්මත දින දර්ශනයට අනුව එම දිනය 2019 අප්‍රේල් 17 වන දිනයට සමාන අතර මෙම ලිපිය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති වන අබ්දුල් නසීර් බින් හුසේන් අල් හරේති වෙත ඒවා ඇත්තේ සෞදි විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ් විසිනි.

ලිපියේ අන්තර්ගතය පහත දැක්වෙන පරිදි වේ. (අරාබි භාෂාවෙන් පරිවර්තනය කරන ලදී)

අබ්දුල් නසීර් බින් හුසේන් අල් හරේති වෙතටයි,

ඔබ විසින් පහත සඳහන් කර ඇති නියෝග වහාම පිළිපැදිය යුතු වේ.

ප්‍රථමයෙන් ඔබ සියලු ලියකියවිලි, පරිගණක දත්ත සහ විදේශ අමාත්‍යංශ සමග සිදුකළ ගනුදෙනු පිලිබඳ විස්තර සියල්ල මකා දැමිය යුතු වේ. තානාපති නිලධාරීන් සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් විය යුතුය.

දෙවනුව බුද්ධි අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ සහ උපදේශකවරුන් ඇතුළු සෞදි රජයට සම්බන්ධ නිලධාරීන් කිසිවෙකුටත් ඉදිරි දින තුනේ (විශේෂයෙන්ම පාස්කු ඉරිදා දිනයේ) මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන සහ කිතුණු දේවස්ථාන මගහැර සිටීමට උපදෙස් දෙන්න. 

තෙවනුව ඔබ විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ ඔවුන්ගේ මතයන් පිළිබඳ විස්තර අප අමාත්‍යංශය වෙත ලිඛිතව බාර දිය යුතුය.

ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්

විදෙස් කටයුතු අමාත්‍ය.

මෙම ලියුම තුළ සෞදි රාජ්‍ය මුද්‍රාව අඩංගු වන අතර එම රජයේ අනෙකුත් ලියකියවිලි වල ව්‍යුහයට සමාන වන පරිදි දිය සලකුණු දෙකකින්ද සමන්විතව ඉදිරිපත් කර ඇත.

ලිපියේ තොරතුරු අනෙක් සාක්ෂි සමග මනාව ගැළපෙයි.

සෞදි විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ සෞදි තානාපති වෙත එවන ලද ලිපියේ අන්තර්ගතය විසින් එරට බලධාරීන් මෙම ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ තොරතුරු දැන සිටි ඇති බව තහවුරු කරයි. එමෙන්ම පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගත් 60 හැවිරිදි මොහොමඩ් අලියාර් නම් සෞදියේ අධ්‍යාපනය ලද පුද්ගලයා විසින් විවෘත කරන ලද ඉස්ලාම් මධ්‍යස්ථානය සෞදි සහ කටාර් රටවල්වල පරිත්‍යාග මත ඉදි වූ බව එහි පිහිටුවා ඇති ඵලකයක සඳහන් වේ. අලියාර් විසින් මෙහෙයවන ලද මෙම ආගමික මධ්‍යස්ථානය සහරාන් හෂීම් ගේ උපන්ගම වන කාත්තන්කුඩි හි ඉදිකර ඇත.

ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරනලද ප්‍රකාශයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු (අලියාර්) සහ සහරාන් සමග සමීප සබඳතාවයක් තිබූ බවත් සහරාන් විසින් මුල්‍යමය ප්‍රතිපාදන දරමින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පුහුණුකළ බවත්ය.

ආගමික මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ කිහිපදෙනෙක් අදහස් දක්වා ඇත්තේ එම මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාග, සිසුන්ගෙන් අයකළ ගාස්තු සහ රියාද් නගරයේ වෙසෙන අලියාර්ගේ හිතවතුන්ගේ මුදල් මතින් එම ස්ථානය පවත්වාගෙන ගිය බවත්ය. සහරාන් "දඩබ්බරයෙකු" ලෙස හඳුන්වා ඇති ඔවුන් මෑතකදී සහරාන්ව මධ්‍යස්ථානය අවට නුදුටු බව සපථ කර ඇත. කෙසේනමුත් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයෙන් හැඟවෙන්නේ අලියාර් සහ සහරාන්ගේ සම්බන්ධතාවය රහසිගතව පැවති එකක් බවයි.

කරුණු කාරණා එසේ වුවද බීබීසී ඇතුළු ආයතන කිහිපයක් විසින් වාර්තා කර ඇති පරිදි මෙවන් ප්‍රහාරයක් සඳහා සවිස්තරාත්මක සැලසුම් කිරීම්, බෝම්බ සෑදීම පිලිබඳ දැනුම, සැලසුම් කටයුතු සඳහා ඉඩ, සැලසුම්කරුවන් සහ අනෙකුත් අතරමැදියන් ජාලයක් මෙන්ම විශාල වශයෙන් මුල්‍යමය ආධාර අවශ්‍යවනු ඇත.අලියාර් ධනවත් සෞදි ජාතිකයින් සමග තිබූ සම්බන්ධතා මත මුල්‍යමය අවශ්‍යතා සපුරාගෙන ඇති බවට ඒ අනුව සාක්ෂි හෙළිවේ.

සහරාන්ගේ මෙහෙයවීම මත සිදුකළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඇතැම් විට ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය දැන සිටි බවට ඔවුන් ලද ලිපියේ ඇති "සියලු ලියකියවිලි, පරිගණක දත්ත සහ විදේශ අමාත්‍යංශ සමග සිදුකළ ගනුදෙනු පිලිබඳ විස්තර සියල්ල මකා දැමිය යුතු වේ. තානාපති නිලධාරීන් සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් විය යුතුය." යන ප්‍රකාශයෙන් හෙළිදරව් වේ.

මූල්‍යමය ප්‍රතිපාදන වෙනත් මූලාශ්‍රයකින් පැමිණ ඇති නමුත් ප්‍රහාරයට දින කිහිපයකට පෙරාතුව සහරාන්ගේ නැගණිය වන මොහමඩ් හෂීම් මදානියා ගේ ගිණුමට ශ්‍රී ලංකා රුපියල් මිලියන 2ක මුදල් ප්‍රමාණයක් බැර වී තිබීමෙන් මෙම මෙහෙයුමට මිඩංගු වී ඇති මුදල් ප්‍රමාණය විශාල ප්‍රමාණයක් බවත් බොහෝදුරට විදෙස් මූලාශ්‍රයකින් පැමිණ ඇති බවත් තහවුරු වේ.

සෞදි රජයේ භූමිකාව

ප්‍රහාරය දියත් කිරීමත් සමගම ඉස්ලාම් ආගමිකයන් විසින් ප්‍රහාරයේ වගකීම බාර ගැනීමත්, ප්‍රහාරයට හෝරා කිහිපයකට පෙර සහරාන් විසින් සිය පක්ෂපාතීත්වය දිවුරා ප්‍රකාශ කිරීමත් සෞදි රජය වෙත තවදුරටත් අවධානය යොමු කරයි. 2014 වසරේදී සෞදි රජය මුල්‍යමය වශයෙන් සහ සංවිධානාත්මක උපදෙස් ලබා දෙමින් ත්‍රස්ත කණ්ඩායම් පෝෂණය කරන බවට සාක්ෂි හමුවූ අතර ඇමරිකානු එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ ලීක්වූ ඊමේල් ලිපි වල සඳහන් පරිදි සෞදි අරාබිය ඇතුළු අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන් ත්‍රස්තවාදී කණ්ඩායම් වල ප්‍රධානතම ආධාරකරුවන් බව සඳහන් වේ.

ක්ලින්ටන් වෙත යවන ලද ලීක්වූ ඊමේල් ලිපියක පහත සඳහන් ප්‍රකාශය අඩංගු වේ:

"ඔබගේ තානාපති සම්බන්ධතා සහ බුද්ධි අංශ සේවා මගින් කටාර් සහ සෞදි අරාබි රටවල් වල ආණ්ඩු වෙත පීඩනය එල්ල කිරීමට අප භාවිතා කළ යුතුය. ඔවුන් විසින් ප්‍රහාරක සැලසුම්, මුල්‍යමය සහ අනෙකුත් ක්‍රමෝපායන් භාවිතා කරමින් අයිඑස් ඇතුළු අනෙකුත් අන්තවාදී කණ්ඩායම් වෙත ආධාර සපයයි".

පෞද්ගලික සෞදි ආධාරකරුවන් විසින් ත්‍රස්ත කණ්ඩායම් හට ආධාර සපයන බව මේ වනතෙක් නිගමනය වී තිබූ නමුත් මෙම ඊමේල් ලිපියෙන් ඇමෙරිකානු බුද්ධි අංශ විසින් සෞදි රජය ත්‍රස්ත කණ්ඩායම් වෙත ආධාර සපයන බව සහතික වන බව සහ ත්‍රස්ත කණ්ඩායම් වෙත සැලසුම් මෙන්ම ගබඩා පහසුකම් ද සපයන බව තොරතුරු දැක්වේ.  

මෑතකදී සිදු කළ අලියාර් ගේ සෞදි සම්බන්ධතාවයත්, එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එවන ලද ලිපියේ අඩංගු කරුණුත් සමග ගළපා බලන විට පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිලිබඳ තොරතුරු සෞදි රජය විසින් නිසැකව දැන සිටි බවත් එය නැවත්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවත් මෙම කෘර ලේ වැගිරීම සඳහා සෘජුවම ඔවුන්ගේද දායකත්වයක් ඇති බවත් මෙම සාක්ෂි මත සපථ වේ.