විශේෂාංග - Lanka News Web (LNW)

1990 ජුනි දෙවැනි ඊළාම් යුද්ධය පටන් ගත් පසු, යුද ගැටුම් භයානක වෙද්දී, එවකට ලෙෆ්ටිනන්ට් කර්නල්වරයකු වූ, ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද හමුදාව අතහැර අමෙරිකාවට ගියේ, හමුදාවෙන් ඉවත්වන ලෙස ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්‍ෂ දිගින් දිගටම කළ දැඩි බලපෑම නිසාය.

ලංකාවේ ජනගහනයේ වියපත්භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්ත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා ගනිමින් රාජ්‍ය අංශය තරබාරු වෙමින් සිටි තත්ත්වයක් තුළ, විශ්‍රාම වශයෙන් ගෙවන්ට සිදුවන විශාල මූල්‍යමය බරක් ද රජයට දැන් දරා ගැනීමට තිබේ. ඊට අමතරව, රාජ්‍ය අංශයට අවශෝෂණය කර ගැනීමට නොහැකි වූ තවත් ජනතාවකගෙන් විශාල කොටසක්, විධිමත් විශ්‍රාමික වැටුප් සැලැස්මකට අන්තර්ග්‍රහණය කර නොගත් ජනතාවක් වශයෙන් කල් ගෙවති. කම්කරු නීති ප්‍රතිසංස්කරණ වහා ඇති කර නොගන්නේ නම්, රටේ වියපත් වන ජනගහනය, තවදුරටත් නඩත්තු කරගත නොහැකි වන ආකාරයේ බරපතල අවදානමකට අප පත්වෙමින් සිටින්නේය යන විවිධ අනතුරු ඇඟවීම් කාලයක් තිස්සේ අප නොතකා හැර තිබුණි. ඒ ජනගහන කාණ්ඩයේ කාර්ය නියුක්තභාවය ව්‍යාප්ත කර ගැනීම, ජන විකාශන ලාභාංශ බෙදාහදා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේය. එහෙත් ඒ සඳහාත්, එකී කණ්ඩායම සඳහා වඩාත් ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සකස් කරගත යුතුව තිබේ.

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb