විශේෂාංග - Lanka News Web (LNW)

'සිංහල-බෞද්ධ' ලෙස පෙනී සිටින කුලකයේ අය අමුතුම ජීවීන් කොට්ඨාසයකි. ඒ අය සිතින් මවාගෙන සිටින ආකාරයට ඔවුන් ඉතාම 'නිර්මල' බෞද්ධ අනුගාමිකයන් ය. මේ රටට කොතරම් ආදරේ කරනවාද යත් යම් හදිසි අවස්ථාවක් උද්ගත වුවහොත් (බටහිර කුමන්ත්‍රණයක්, මුස්ලිම් හෝ දමිළ ආක්‍රමණයක්, NGO තර්ජනයක්, බෞද්ධ-විරෝධී ව්‍යාපාරයක් වැනි) මරාගෙන මැරෙන තැනට අනිත් අය කුලප්පු කොට අවශ්‍ය වාචික හයිය සපයන්නට තරම් අවංක දේශප්‍රේමීන් ය. මේ අයගෙන් සැලකියයුතු පිරිසක් විදේශ රටවල රැකී රස්සා කරන ගමන් සිංහලකම වෙනුවෙන් පෙනී සිටිති. එයද අගය කළ යුතු කාරණාවකි.

විල්පත්තුව, සතුන්ගේ පමණක් නොව, ජාතිවාදීන්ගේත් ජනප්‍රිය අභයභූමියක් බවට අද පත්ව තිබේ. විල්පත්තුව කී පමණින් දැන් කල්පනාවට එන්නේ, මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගේ කැලෑ සංහාරයක යෙදී සිටින අඳුරු චිත්‍රයකි. මීට වසර කිහිපයකට පෙර මේ ‘ජාතික අපරාධය’ පිළිබඳ පුරාවෘත්තය ඉස්මතු වී විශාල හාහෝවකින් පසු යටපත්ව ගියේය. දැන්, යම් හේතුවක් නිසා, නැවත වටයකින් ඒ ‘වන සංහාරය’ ගැන කතා කිරීම ස්වකීය ජාතිවාදී දේශපාලනය කර ගත් ව්‍යාපාරයක් පෙරට විත් තිබේ.

සූර වීර කෙල්ලෙක් මුලින් ම මට මුණ ගැහෙන්නෙ චිත්‍රකතා පත්තරේකින්. දයා රාජපක්ෂ මහත්තයගෙ සිතුවිල්ලකට දාව, ලේක්හවුස් සතුට පත්තරේ උපන්, මිනිස්කම නොමිනිස්කම අතර සදාතන අරගලයට මුහුණ දුන් දියණියක වූ රක්තා හිටියෙ, තුවක්කුවක් අතේ තියාගෙන - කොටි හමක් ඇඳගෙන. ඒ ඇඳුම, පස්සෙ කාලෙක දැක්ක එල්ටීටීඊ නිල ඇඳුමට සෑහෙන සමානව කියල මට හිතුනත්, ඒක අහම්බයක් බව දන්නව.

ලොව කුමන තැනක යුධ ගැටුමක් නිර්මාණය වුවද සමස්ත විෂයෙහි ඉතිරි කරන්නේ ජයග්‍රහණයන්ට වඩා පරාජිත බවකි. මානව සමාජය සහිත සමස්ත ජෛව ප්‍රජාවටත් ජීවය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ජිවාධාරක පද්ධතියට සිදුකරන හානිය ගණනය කළ නොහැකිය.

මානව හිමිකම් ව්‍යාපාරය තුළ දැවැන්ත හඬක් නංවන LGBTIQ ප්‍රජාව විවිධ මුහුණුවරින් තම අයිතිවාසිකම් ඉල්ලා සිටියි. ලොව එක් කොනක, විවාහ සමානාත්මතාවයෙන් ද ඔබ්බට ගොස් දරුවන් ඇතිදැඩි කිරීමේ වරප්‍රසාදය ඉල්ලන අතරතුර, තවත් කොනක තම හුදෙක් පැවැත්මට සෘජුවම තහංචි පණවන සමරිසිභාවය හෝ සමලිංගික චර්‍යා සාපරාධී කළ නීති අහෝසි කරවා ගැනීමට අරගල කරති. මානව හිමිකම් පිළිබඳ දැඩි අවදානයක් යොමු කළ රට වල පුද්ගල ස්වභාවය හෝ මානව චර්‍යා යටපත් කොට නීති සම්පාදනය කිරීමක් සිදුවන්නේ නැත. සමරිසිභාවයට කස පහර හෝ ගල්මුල් පහර එල්ල වන ඇතැම් රටවල් අතර, ශ්‍රී ලංකාව යල්පැන ගිය සාපරාධී නීති මැද කතිකාවක් ගොඩනංවා ගැනීමේ යම් ප්‍රගමනයක් හෝ පෙන්නුම් කිරීම ජයග්‍රහණයකි.

පුද්ගල ලිංගිකත්වය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා පැහැදිලි නිර්වචනයක් ලබාදීම අපහසු වූවත්, මෙය විවිධ පැතිකඩගෙන් විදහා දැක්විය හැකිය. අදහස් ප්‍රකාශ කිරීම මානව හිමිකම් ව්‍යාපාරය තුළ පමණක් නොව, රටක ජාතික ආරක්ෂාව, මනුශ්‍ය ජීවන රටාව සඳහා ද වැදගත් වේ. සිතට පැණනගින ඕනෑම කුණුගොඩක් මහජනයා වෙත ඇද බෑම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යැයි වරදවා අර්තකථනය කිරීමට අපි නොයුහුසුළු වෙමු. රටක ජාතික ආරක්ෂාව සම්බන්ධ පැන නගින ගැටළුවකදී මාධ්‍යය තුල ඇතැම් පුද්ගලයන්ගේ මත ප්‍රකාශයට පත් කිරීම සීමා කරන්නේ යහපත් අතට මිස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කිරීමට නොවේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස විවිධ පැතිකඩයන් තුල විවිධ ලෙස හැසිරෙන අඛන්ඩ සංකල්පයකි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විවිධ ස්ථර පැවතිය හැකිය.

මනුශ්‍යයකුගේ ලිංගිකත්වය ප්‍රකාශ කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇතුලත්ද? තම ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ප්‍රකාශ කිරීම පැමිණෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ දෙවන ස්ථරයක් ඔස්සේ ය. ලිංගිකත්වය සෑම මනුෂ්‍යයකුටම පොදු වුවද, කතා බහට ලක්කිරීමේ මැලිකමක් දක්වන හෝ ඒ හා ආශ්‍රිත කොන්කොට සැලකීම් බොහොමයක් පවතින හෙයින්, ලිංගිකත්වය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසහිද අනු කාණ්ඩයක් ලෙස සලකනු ලබයි.

“Virtually Queer” නම් අධ්‍යයනයට අනුව, LGBTIQ ප්‍රජාවේ බහුතරයක් (80% පමණ) සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නේ වෙනත් නම් වලින් පෙනී සිටින ගිණුම් (fake accounts) ඔස්සේය. ඔවුන් මෙම ගිණුම් වල තම සැබෑ අනන්‍යතාව හෙලි කරන අතර, පෞද්ගලික තොරතුරු සඳහන් කරන්නේ නැත. පෞද්ගලික තොරතුරු ඇතුලත් වෙනම ගිණුමක් cis-gender හා විෂමරිසි අනන්‍යතාවක් ද සහිතව ඔවුහු භාවිතා කරති. ගතවූ වසර ගණනාව තුරාවට සමාජ කොන් කිරීම්, වෙනස් කොට සැලකීම් හා නීතිමය පසුබිම් නිසා බොහෝ LGBTIQ පුද්ගලයන් ප්‍රජා මූලික වැඩසටහන්, සංවිධාන, මානව හිමිකම් ව්‍යාපාර ආදියෙන් දුරස් වීමක් සිදුවන බව පෙනෙන්නට ඇති අතර, සමාජ මාධ්‍යජාල එම දුරස්බව අවම කිරීමෙහි ලා මහඟු කර්‍තව්‍යයක් ඉටු කරයි.

සමාජ මාධ්‍යජාල තුල වෙනත් නම් වලින් පෙනී සිට ගිණුම් මෙහෙයවීම ශ්‍රී ලාංකික නීති පද්ධතිය හා සමාජ ක්‍රමය තුල LGBTIQ ප්‍රජාවට වාසිදායක වේ. වෙනත් නම් වලින් පෙනී සිට ගිණුම් මෙහෙයවීම ඇතැම් විට අන්තර්ජාල වාරණය (internet censorship) ඉවත් කිරීමටද දායක වේ. මන්ද වෙනත් නම් වලින් පෙනී සිටින විට අදාල ගිණුම LGBTIQ පුද්ගලයකුගේ ගිණුමක යැයි හඳුනා ගැනීමට නොහැකි බැවිනි.

කෙසේවෙතත්, වෙනත් නම් සහිත ගිණුම් වලින් පෙනී සිටීම, හෝ නිර්ණාමික ගිණුම් වලින් පෙනී සිටීමේ අඳුරු පැතිකඩක් ද පැවතීමට ඉඩ පවතී. තර්ජනය කිරීම්, සොරකම් කිරීම්, තොරතුරු පිටතට දැමීම්, පින්තූර, වීඩියෝ පිටතට දැමීම්, පෞද්ගලික සංවාද වල screenshots නිකුත් කිරීම් මේ අතර වේ. මෙය ප්‍රජාවට සුවිශේෂී වන්නේ මෙමගින් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හෙලිවීමේ ප්‍රවණතාවක් පවතින බැවිනි. එමෙන්ම අන්තර්ජාල වාරණය ඇතැම්විට වැරදි ආකාරයට නිකුත් කරන අවස්ථාද දක්නට ඇත. උදාහරණයක් වශයෙන් අධ්‍යාපනික ලිපියක අඩංගු පින්තූර, හෝ කරුණු පදනම් විරහිත අන්දමින් වාරණයට ලක්කරන අවස්ථා බොහොමයක් පවතී.

ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල වාරණය වැරදි අන්දමින් ක්‍රියාත්මක වීමට හේතුව නම්, ශ්‍රී ලාංකික භාෂා, සංස්කෘතීන්, ඉතිහාස තොරතුරු, හා අනෙකුත් කරුණු සම්බන්ධ ඒ ඒ අදාල සමාජ මාධ්‍යජාල වල අන්තර්ජාතික හා ජාතික ආයතන අතර පවතින මද සම්බන්ධීකරණය හා මද අන්තර්-සම්බන්ධතාවයයි. මෙම මද සම්බන්ධීකරණය පුද්ගලයන්ට ආකාර 2කින් ඍණාත්මකව බලපායි.

1.සමාජ මාධ්‍ය ජාල වල නීති-රෙගුලාසි උල්ලංඝනය නොවන ලිපි පුවත් ආදිය වාරණයට ලක්වීම

2.සිංහල හෝ දෙමළ භාෂා වලින් පළ කරන සමාජ මාධ්‍ය ජාල වල නීති-රෙගුලාසි උල්ලංඝනය කරන ලිපි පුවත් ආදිය වාරණයට ලක් නොවීම

අන්තර්ජාලය අප දෙස නෙත් යොමාගෙන සිටිනවාද?

මෙය වසර ගණනාවක් පුරා විවාදයට තුඩුදුන් කරුණක් වන අතර, අන්තර්ජාලය පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සන බවට හැඟෙන සාක්ෂි පවා හමුවී ඇත. සමාජ මාධ්‍යජාල ආයතන වල හිමිකරුවන් එවන් දෙයක් සිදුනොවන බවටත්, පෞද්ගලික සංවාද 'end-to-end encrypted' ආකාරයේ සංවාද, එනම් සංවාදයක් තුල අඩංගු කරුණු දකින්නේ පණිවුඩය හුවමාරු වූ මනුෂ්‍යයන් දෙදෙනා අතර පමණක් බවත් ප්‍රසිද්ධියේ වගකීමෙන් සහතික කර ඇති අවස්ථා බොහොමයකි.

කෙසේ වෙතත්, මෙම සහතිකයේ ගුණාත්මක බව පිළිබඳ ගැටළු පවතින්නේ, කෘතිම බුද්ධිය (Artificial Intelligence) හට ඕනෑම අවස්ථාවක දත්ත ගමනාගමනයට මැදිහත් වීමටත්, දත්ත ගබඩා කිරීමටත් හැකි බැවිනි. එමෙන්ම, මෙය තහවුරු කරන සාක්ෂි පවතී. ඔබ අන්තර්ජාලය තුල පෞද්ගලිකව නැරඹූ යම්කිසි දෙයකට සමානතාවයක් දක්වන විවිධ තොරතුරු ඔබගේ newsfeed තුල පළවන අවස්ථා ඔබ දැක ඇත. එමෙන්ම ඔබ පෞද්ගලිකව හුවමාරු කළ යම් තොරතුරක් සම්බන්ධව වෙනත් පාර්ශව දැනුවත් වී තිබෙන අවස්ථාද ඔබ දැක ඇත. අන්තර්ජාලය ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන්නේ නම් එවන් සිදුවීම් වන්නේ කෙසේ දැයි යන්න ගැටළුවකි. වරක, Grindr වැනි සමරිසි ප්‍රජාව සහකරුවන් සොයා ගැනීමට භාවිතා කරන සබඳතා යෙදුම් (dating apps) හිමි ආයතන වලට ගිණුම් හිමියන්ගේ HIV තත්වය පිටතට නිකුත් කරන්නේ යැයි චෝදනා නැඟින. මෙය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හමු නොවූවද, තාක්ෂණික බස හා සයිබර් අවකාශය පිළිබඳ මූලික අවබෝධයක් පවතින ඕනෑම පුද්ගලයකුට මෙහි පවතින අවදානම හා සම්භාවිතාව මොනවට පැහැදිලි වේ.

අන්තර්ජාලය යනු මෙලොව පවතින වඩාත්ම මතභේදයට තුඩු දුන් වේදිකාව වන අතර, පුද්ගලයන් හට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මේ තුල සැබවින්ම පවතී ද යන්න ඒ නයින් බැලූ කළ ගැටළුවකි. මන්ද එය එසේ නොවේ යන්න හො එය එසේ වේ යන්න ඔප්පු කළ හැකි පැහැදිලි සාක්ෂි සොයා ගැනීමට නොහැකි වීමයි. අධිරාජ්‍යයවාදී යල් පැන ගිය නෛතික රාමුන් ඉදිරියේ දණින් නොවැට මානව හිමිකම් දිනා ගැනීමේ අරගලයක නිරත වන ශ්‍රී ලාංකික LGBTIQ ප්‍රජාව, තම ලිංගිකත්වය ප්‍රකාශ කිරීමට යොදා ගන්නා සයිබර් අවකාශය තුළ ද සැබවින්ම සුරක්ෂිත දැයි දෙවරක් සිතා බැලිය යුතු වන්නේ මේ නිසාවෙනි.    

(මූලාශ්‍රය: Young Out Here Sri Lanka: Queer Talks 19 වන සැසිය)

MIAP

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb