විශේෂාංග - Lanka News Web (LNW)

ශ්‍රී ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන් සිංහල මාධ්‍ය මේ දිනවල ඉතා උනන්දුවෙන් සොයා බලන කාරණයක් තිබේ. එනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට යෝජිත සන්ධානයේ ඉදිරි වගතුග ය. එවැනි උනන්දුවක් ඇති වීමට හේතු වී තිබෙන්නේ, එම මාතෘකාව මැද්දේ එවැනි සන්ධානයකින් ඉදිරිපත් කෙරෙන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ඇමිණී ඇති බැවිනි. දැනට පවතින්නේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, රාජපක්ෂ පවුලේ සහෝදරයෙකු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් අතර තේරීමක් බව පෙනෙන්ට තිබේ. එවැනි ජනාධිපතිවරණයකදී ඉදිරි පෙළ අපේක්ෂකයා නොවේ නම් අඩු වශයෙන් ඉදිරිපෙළ අපේක්ෂකයා වශයෙන් බරපතල ලෙස සලකා බැලෙන ප්‍රධාන තරගකරුවෙකු වශයෙන්වත් තමන්ගේ පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ හැකියාව, පසුගිය වසරේ පෙබරවාරියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය හරහා ඔවුන්ට ලැබී තිබේ. එවැනි සන්දර්භයක් තුළ, අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වන පරිදි, ගිය සතියේ පැවති රාජපක්ෂ පවුලේ සාකච්ඡා වටයකදී ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කර ගත් බව කියැවේ. මේ ගැන පළ කෙරෙන මාධ්‍ය වාර්තාවලට අනුව, එකී තීරණය ගෙන ඇත්තේ, ඉදිරි නොවැම්බරයේදී හෝ දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා දැන් තියාම ගෝඨාභයට තමන්ගේ ‘එළිය’ සංවිධානය හරහා ස්වකීය අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කර ගැනීමටත්, ඒ අතරේ ගම් මට්ටමේ ප්‍රජා ක්‍රියාවලීන් තුළින් බිම් මට්ටමේ සංවිධාන ජාලගත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවස්ථාව සැලසීමටත් ය. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එහි අපේක්ෂත්වයට පත්වන ගෝඨාභය රාජපක්ෂත් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ දේශපාලනය ගැන බරසාර සැලකිල්ලක් මේ අවස්ථාවේ යොමු කිරීම වැදගත් ය. මන්ද යත්, මහින්ද යටතේ නොව, ගෝඨාභය යටතේ අනාගතයේ ඇති කෙරෙන අලුත් රාජපක්ෂ ජනාධිපති තනතුරක් තුළ, එයම රටේ ජාතික ප්‍රතිපත්තිය බවට ද පත්වීමට ඉඩ ඇති බැවිනි.

කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත්දකියි.

අප පසුගිය ලිපියෙන් පැවසූ අයුරින්ම මන්නාරම සමූහ මිනීවළෙහි ඇතුලු පැත්තේ වූ අර්බුදය මීට සතියකට පෙර පුපුරා ගියේය. හටගෙන තිබූ අර්බුදයන්ට සාපේක්ෂවම ප්‍රතිඵල ලැබුණු බැවින් මන්නාරම සමූහ මිනීවළ සමාජය තුළ මහත් ව්‍යාකූලත්වයක් ඇති කළේය. අස්ථි සාම්පල හය සඳහා ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය මගින් කරන ලද රේඩියෝ කාබන් කාල නිර්ණ වාර්තාවේ දෘඩ පිටපත මන්නාරම මහේස්ත්‍රාත්වරයාට ලැබීමත් එය මහජනයාට විවෘත කිරීමත් සමග සමූහ මිනීවළෙහි කැනීම් තාවකාලිකව නතර කර දැමීමට සිදුවූයේය. දැන් සමාජයේ බොහෝ දෙනා මේ මිනීවළ සම්බන්ධව සිතන්නේ කුමක්ද? බොහෝ දෙනකුට නොපෙනෙන එහි සැබෑ අර්බුදය පැන නැගී තිබෙන්නේ දැන්ය. ලැබී තිබෙන කාබන් කාල නිර්ණ වාර්තාව මත පදනම්ව මෙම සමූහ මිනීවළේ මිහිදන්වූ විශාල පිරිසක් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වෙනුවට වළ වසා දැමීමෙන් මෙය අවසන් විය යුතුද?

නවතම පුවත්

මැයි 19, 2019

සයිබර් ප්‍රහාරයට හේතුව හමුදා විරෝධයද?

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට ඊයේ (18) දිනයේ එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාවේ…

මැයි 19, 2019

ඉන්දීය මහ මැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද පැවැත්වෙයි. ජන්දය ප්‍රකාශ කිරීමට හැකි ප්‍රමාණය කෝටි 10කට අධික…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb