ඒකාබද්ධයේ ෂෙහාන් සේමසිංහගෙන් පාපොච්ඡාරණයක්: “අපේ ආණ්ඩුව මර්වින් සිල්වා ආරක්ෂා කළා” - Lanka News Web (LNW)

ඒකාබද්ධයේ ෂෙහාන් සේමසිංහගෙන් පාපොච්ඡාරණයක්: “අපේ ආණ්ඩුව මර්වින් සිල්වා ආරක්ෂා කළා”

රාජපක්ෂ පරිපාලනය විසින් ජනතාවගේ දැඩි විවේචනයට ලක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා ආරක්ෂා කිරීම වැරදි ක්‍රියාවක් බව ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.

 

මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා සිය ආණ්ඩුවේ පරාජයට හේතු වූ එක් ප්‍රධාන චරිතයක් බවටත් බීබීසී සංදේශය සමග සාකච්ඡාවකදී ඔහු චෝදනා කළා.

එහෙත් ඒ යුගයේ “සුදු වෑන් සංස්කෘතියක්” නොපැවති බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එය එවකට පැවති විරුද්ධ පක්ෂයේ නිර්මාණයක් බවත් පවසනවා.

“සුදු වෑන් සංස්කෘතිය කියන කතාව ගොඩනැගුවේ එවකට පැවති විපක්ෂය.”

 

ඒ යුගයේ පැහැදිලිවම එවැනි පැහැරගැනීම් සිදු වූ බව මාධ්‍යවේදී සරෝජ් පතිරණ පෙන්වාදුන් විට එසේ නම් ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වූයේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් ඕනෑම චෝදනාවක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ආණ්ඩුවට කාලය තිබුණ බවත් ඔහු පවසයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කරන ප්‍රකාශය ගැන තමන්ටත් ස්තිර මතයක් නැති බව එම සාකච්ඡාවේදී ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පිළිගත්තේය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යවලට තර්ජන කරමින් ශ්‍රී ලංකාවේ “මාධ්‍ය මර්ධනයක්” දියත් කර ඇති බවටත් මන්ත්‍රීවරයා චෝදනාවක් එල්ල කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කටයුතු ප්‍රවර්ධනය කිරීම පිණිස ලන්ඩන් නුවර සංචාරය කළ අතරවාරයේ බ්‍රිතාන්‍යයේ ජනතාව තුළ කෙතරම් විනයක් පවතින්නේ දැයි දැකගැනීමට ලැබුණ බවත් ඔහු පවසනවා.

“සියලුම පුරවැසියන් සියලුම පුරවැසියන්ගේ ආත්ම ගරුත්වයට ගරු කරමින් කටයුතු කරනවා. මම හිතන්නේ ඒ විනය ලෝකේ අනිත් සියලුම රටවලත් ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍යයි.”

එවැනි විනයක් ශ්‍රී ලංකාවේත් ඇතිකිරීම මීළඟට බිහිවෙන ආණ්ඩුවේ වගකීම බවත් ෂෙහාන සේමසිංහ මන්ත්‍රීවරයා බීබීසී සේවයට කියා සිටියා.

(BBC Sinhala)

නවතම පුවත්

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb

පසුගිය සතියේ ජනප‍්‍රිය පුවත්

නීතීඥවරියන් අධිකරණයේදී කලිසම් සහ ගවුම් ඇඳීම අනුමතයි!

ඔක්තෝබර් 10, 2018

කාන්තා නීතීඥවරියන් අධිකරණ පරිශ්‍රය තුළ ඇඳිය යුතු ඇඳුම පිළිබඳ සංශෝධන ඇතුළත් ගැසට්...

ටිකට් කලු කඩ ජාවාරමට ක්‍රිකට් ආයතනයෙන් අලුත් විසඳුමක් !

ඔක්තෝබර් 14, 2018

ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ක්‍රීඩාංගන අසල වැඩි...

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි 

ඔක්තෝබර් 11, 2018

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්...

භාරකාර ආණ්ඩුවෙන් ඒකාබද්ධයේ කචල්

ඔක්තෝබර් 14, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...