සාකච්ඡා - Lanka News Web (LNW)

මැයි 18 වැනි දින උතුර පළාත  ජන සංහාරක දිනයක් ලෙස නම් කිරීමේ වැරැද්දක් නොමැති බවට පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයට විශේෂයෙන්  මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි විරෝධයක් එල්ල විය. යුධ ජයග්‍රහණය කෙළෙසන  බවට සෘජුවම සේනාරත්න මහතාට චෝදනා එල්ල විය.

නිමා වුණු 21 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙරට ගෘහස්ථ හා මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්තාගත තරඟාවලියක් ලෙස නිමා විය. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මෙතෙක් ඉතිහාසයේ හොඳම තරඟාවලිය ලෙස මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉතිහාසයට එක් විය.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු ඊට සහය දුන් ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ 16 දෙන ඉවත් වීම, ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය, ජාතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම හා තනිව ආණ්ඩුව පිහිටුවීම යනාදී කතා බොහොමයක් මැද මේ වන විට මෙරට දේශපාලනය දෝලනය වෙමින් තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ එංගලන්ත සංචාරයෙන් පසු ඉදිරි සතියේදී නැවත පූර්ණ කැබිනට සංශෝධනයක් සිදුවීමට නියමිතය. කෙසේ වෙතත් යහපාලනය ආණ්ඩුවේ පළමු ඉනිම අවසන් වීමට ඇත්තේ තවත් මාස 18ක පමණ කාලයකි. "යහපාලනය" බලය අත්පත් කර ගැනීමෙන් පසු මේ දක්වා කාලය තුළ සිදු වූ දේවල්  මෙන්ම හෙට දිනයේදීද තවත් බොහෝ දෑ සිදුවනු ඇත. අනාවැකි කිරි ගහට ඇන්නා වාගේ හරියන්නටත් පුළුවන. වැරදෙන්නත් පුළුවන. ඒ දේශපාලනයේ ස්වභාවයයි.

“මේ රට බංකොලොත් කරපු, විනාශ කරපු, මේ රටේ සම්පත් හූරා කාපු, මේ රටේ ජාතින් අතර බේද භින්න කරපු ඒ අඳුරු අවතාරයන්ට යළි ඉඩ නොදිය යුතු’’ යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

සංශෝධිත කොට්ඨාස  මැතිවරණ ක්‍රමයට අනුව පැවති පළාත් පාලන මැතිවරණයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. බලාපොරොත්තු නොවූ ප්‍රතිපලය විසින් මේ වන විට ජාතික දේශපාලනයද උඩුයටිකුරු වෙමින් තිබේ. ආරම්භයේදී නව මැතිවරණ ක්‍රමය පිළිබඳව බොහෝ දෙනා ඉතා ප්‍රශංසනීය ලෙස කතා කළද  මේ වන විට පළාත් පාලන ආයතන පිහිටුවා ගැනීමේ අර්බුදයත් සමඟ කොට්ඨාස මැතිවරණ ක්‍රමයට විරෝධය එල්ලවෙමින් තිබේ. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර මෙම අතිවරණ ක්‍රමය නැවත සංශෝධනය විය යුතු බවට ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයෝ අවධාරණය කරති. 

විවිධත්වය තුළ වූ එකමුතුව මිනිස් පවුරේ ශක්තියයි. එය එකිනෙකා තව තවත් ලං කරන්නකි. ආගමික හා ජාතිකත්වය මත වූ බෙදා වෙන් කරගැනීම්, එකමුතුව තුළ සංස්කෘතික අනන්‍යතා පමණක් වන අතර ඉන් එහාට මානව සහජීවනයට බාධාවක් නොවේ. එය අපි සියල්ලෝම පිළිගනිමු. කිසියම් හෝ අයුරකින් බෙදී වෙන්වීමට අවශ්‍ය නොවන වගද සාමූහික දැක්ම වෙයි. එහෙත් අපි වරින් වර ඊට එරෙහිව යමින් යටිබිම්ගත සතුරු චෛතසිකයන්, සැකයන් එකිනෙකාට ප්‍රදර්ශනය කරගන්නෙමු. ඉන් කිසිදිනෙක කිසිවක් ජයග්‍රහණය කර නැත. ශේෂ වූයේ මකා දැමිය නොහැකි අඳුරු සළකුණු පමණි. තවදුරටත් එවන් අත්දැකීම් විඳදරා ගත නොහැකි තත්ත්වයටම මේ භූමිය ඉන් හෙම්බත් වී හිඳියි. වචන වලින් ඔබ්බට ගිය බහු ආගමික,බහු සංස්කෘතික සහජීවනය තුළ එකිනෙකා හදවතින් වැළඳගන්නා මොහොතට දැන් ඉතා වේගයෙන් යායුතු වෙයි. ඉතින් අපි සියල්ලෝම එක්වෙමු. එක්ව කතා කරමු. අපි අපි වෙනුවෙන් නොව මේ බිමේ හෙට දවස වෙනුවෙන්. 

එක් පැත්තකින් ජාතික සමඟිය,සංහිඳියාව පිළිබඳ කතා කරන විට අනෙක් පැත්තෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අන්තවාදයන් වැඩෙමින් තිබේ. බහු ආගමික,බහු සංස්කෘතික අනන්‍යතා පසෙක දමමින් අන්තවාදයන් ඉස්මතු කර ගැනීමට උපක්‍රම තෝරමින් තිබේ. පසුගියදා මහනුවර ස්ථාන කිහිපයකදීම ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් ඊට සාක්ෂි සපයා ඇත. ඉතිහාස පාඩම් තාමත් හරිහැටි කියවා නොගත් ජනතාවක් ලෙස අප එම අනතුර හෙට දවසේදීද බලාපොරොත්තු විය යුතුය. ජාතික සමඟිය,සංහිඳියාව වනපොත් කළාට පලක් නැත. මිනිස් හදවත් තුළ එය රෝපණය වන තෙක් මේ අවිශ්වාසයේ හොල්මන් විවිධ වේශයන්ගෙන් අප කරා පැමිණෙනු ඇත. 

මහා පරිමාණ මුල්‍ය අපරාධ හා දුෂණ නඩු කඩිනමින් විභාග කර තීන්දු ලබා ගැනීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට පියවර ගැනුණි. ඒ අනුව එම නඩු විභාග  කිරීම සඳහා විශේෂ නිත්‍ය ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමට නියමිතය. මෙම අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ වන විට මෙම සංශෝධන පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී තිබේ. 

ජාතික සමඟිය, සංහිඳියාව බහු සංස්කෘතික මිනිසුන් වෙසෙන භූමියක අත්‍යාවශ්‍ය අංග ලක්ෂණයකි. අන්‍යොන්‍ය ගරුත්වය රැඳී පවතින්නේ එම බහු සංස්කෘතික සහජීවනය මතය. වසර තිහක  සිංහල, දෙමළ අරගලයකින් පසු වුවද සංහිඳියාව ගොඩනගා ගැනීමට නොහැකිව අපි කෙකරගාමින් සිටින රටක පුරවැසියන් වෙමු. දැන් අපි මුසල්මානුවා දෙසද වපර  ඇසින් බලන්නට පුරුදු වෙමින් සිටින්නෙමු. අළු යට ලූ ගිනි පුපුරු මෙන් හිටිගමන් ඇවිලෙන්නේ එම සැකයන්ය. වෛරීය බීජයන්ය. ඇතිවෙන්නට ලේ වලින් එදිරිවාදිකම් පිරිමසාගත් මේ භූමියට තවදුරටත් එවැනි අත්දැකීම් අවශ්‍ය නොවේ.  ඒ නිසාවෙන්ම සංහිඳියාව පිළිබඳ සංවාදය භූමියේ යථාර්තයක් කිරීමට වගකිව යුතු හා වගකීමට බැඳී සිටින සියල්ලෝම පෙරමුණ ගත යුතුය. 
 
වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස උක්ත ප්‍රස්තුතය සම්බන්ධයෙන් අප මත පැවරී ඇති මාධ්‍ය කාර්යභාර්ය ඉටු කිරීමට අපි ආරම්භයේ පටන් ක්‍රියා කළෙමු. වෙහෙසුනෙමු. එය අදත් හෙටත් නොනැසී පවතිනු ඇත. 
 
සංහිඳියාව පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමුව ඇති මේ  මොහොතේ ඒ පිළිබඳව කතා කිරීමට මෙවර අපි සම්මුඛ වූයේ නව සම සමාජ පක්ෂයේ  නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා සමඟය. 
 
වෛරය වැපිරීම සැලසුම්සහගත දෙයක් 
 
සංහිඳියාවට, ජාතික සමඟියට බාධාවන  අන්දමේ ක්‍රියාවන් කිසිලෙසකින්වත් නිසඟයෙන් සිදු නොවේ. පැහැදිලිවම එය සැලසුම්සහගත ක්‍රියාවක ප්‍රතිපලයකි. ප්‍රධාන කොටම අපි තේරුම් ගත යුත්තේ මේ සැඟවුණ  සැබෑ වුවමනාවන්ය.

 
ජාතිවාදය,ආගම්වාදය සම්පුර්ණයෙන් මර්ධනය කිරීමට රජයට හැකිවිය යුතුයි 
 
සැබෑ ලෙසම සංහිඳියාව ඇති කිරීමේ අරමුණක් රජයකට ඇත්නම් ජාතිවාදී,ආගම්වාදී සංවිධාන හෝ පුද්ගල කණ්ඩායම් සම්පුර්ණයෙන්ම භූමියෙන් ඉවත් කිරීමට ඔවුන් සමත් විය යුතුය. එය පරාජය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතුය. දේශපාලන බලය ලබා ගැනීමට ප්‍රතිවාදී දේශපාලන මතවාදයන් යටපත් කිරීමේ හැකියාවක් මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ වලට  ඇත්නම් ජතිවාදී, ආගම්වාදී මතවාදයන් පරාජය කිරීමේ නොහැකියාවක් තිබිය නොහැකිය. 

 
වැදගත් වන්නේ දේශපාලන වෙස් මුහුණු ගලවා දැමීම 
 
සෑම ජාතිවාදයක්, ආගම්වාදයක් පසුපස දේශපාලන න්‍යාය පත්‍රයක් වෙයි. මතුපිටට එවන්නක්නොපෙනුනත් යටිතලයේ එහි දේශපාලන වෙස් මුහුණ සඟවා තිබේ. ජාතික ප්‍රශ්නය පිළිබඳ ප්‍රගතිශීලිව බැලූ වත්මන් ආණ්ඩුව තුළද ජාතිවාදයට රුකුල් දෙන්නන් වෙයි. අප එය වැටහ ගත යුතුය. 

 
ධනේශ්වර දේශපාලනයට සිය ව්‍යාපාරික සම්බන්ධකම් අත්හරින්න බැහැ 
 
ලිබරල් ධනේශ්වර නායකත්වයක් ලෙස බලයට පත් වූ මෙම ආණ්ඩුවත් අද පොරොන්දු ඉටුකරීමට අපොහොසත්ව හිඳියි. කළ යුතු බොහෝ වෙනස්කම් හමුවේ ආණ්ඩුව අනුගමනය කළේද නිද්‍රශීලි පිළිවෙතකි. ප්‍රශ්නය වන්නේ  ධනේශ්වර දේශපාලනයට සිය ව්‍යාපාරික සම්බන්ධකම් අතහැර දැමීමේ නොහැකියාවයි. 

 
බහුතරවාදීන්ට අවශ්‍ය සෙස්සන් සිය යටත් වැසියන් කර ගැනීම 
 
බහුතරවාදීන් සිතා සිටින පරිදි දෙමළ මිනිසා යටත් වැසියෙක් කරගත් පරිදි මුසල්මානුවා ද එම තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාවක් පවත්නා ජාතිවාදී,ආගම්වාදී හැසිරීම් තුළ පෙනෙන්නට තිබේ.  දෙමළ මිනිසාගේ ශිෂ්ටාචාරය විනාශ කළ පරිද්දෙන් මුස්ලිම් මිනිසාගේද ශිෂ්ටාචාරය විනාශ කර දැමීම සංහිඳියාවට අකුල් හෙලන්නන්ගේ උත්සාහයයි. සංහිඳියාව ගැන කතා කිරීමට පෙර මෙම දේශපාලන කඩතුරාවන් විවෘත කළ යුතුය.

 
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන 

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb