සාකච්ඡා - Lanka News Web (LNW)

ජාතික සමඟිය, සංහිඳියාව බහු සංස්කෘතික මිනිසුන් වෙසෙන භූමියක අත්‍යාවශ්‍ය අංග ලක්ෂණයකි. අන්‍යොන්‍ය ගරුත්වය රැඳී පවතින්නේ එම බහු සංස්කෘතික සහජීවනය මතය. වසර තිහක  සිංහල, දෙමළ අරගලයකින් පසු වුවද සංහිඳියාව ගොඩනගා ගැනීමට නොහැකිව අපි කෙකරගාමින් සිටින රටක පුරවැසියන් වෙමු. දැන් අපි මුසල්මානුවා දෙසද වපර  ඇසින් බලන්නට පුරුදු වෙමින් සිටින්නෙමු. අළු යට ලූ ගිනි පුපුරු මෙන් හිටිගමන් ඇවිලෙන්නේ එම සැකයන්ය. වෛරීය බීජයන්ය. ඇතිවෙන්නට ලේ වලින් එදිරිවාදිකම් පිරිමසාගත් මේ භූමියට තවදුරටත් එවැනි අත්දැකීම් අවශ්‍ය නොවේ.  ඒ නිසාවෙන්ම සංහිඳියාව පිළිබඳ සංවාදය භූමියේ යථාර්තයක් කිරීමට වගකිව යුතු හා වගකීමට බැඳී සිටින සියල්ලෝම පෙරමුණ ගත යුතුය. 

ජාතික සමඟිය,සංහිඳියාව පිළිබඳ වැඩි වශයෙන් කතා කළ පසුබිමක මහනුවර ස්ථාන කිහිපයක ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සමනය වූයේ මිනිස් ජීවිත වලින් වන්දි ගෙවමිනි. තිස් වසරක වාර්ගික ගැටුම අවසන් වූයේ ජාතික සමඟිය පිළිබඳව වේදිකාවක් ගොඩනගමිනි. එහෙත් ඉන් අදටත් වැඩක් ගෙන නොමැති බව තහවුරු වන්නේ දැන් සිංහල, මුස්ලිම් ගැටුම් වාර්තා වන විටය. මිනිස් හදවත් වල නොමැති සංහිඳියාවකින් ජාතීන් අතර බැඳීම ශක්තිමත් කළ නොහැකිය. මහනුවර සිදුවීමෙන් අද දවස වන විට මැකිය නොහැකි සළකුණක් හදවත් වල කෙටී ඇත්තේ එහෙයිනි. 

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයත් සමඟ දියුණු තලයක තිබෙන අනිත් ක්ෂේත්‍රය වන්නේ සෞඛ්‍යයයි. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක  රටක් ලෙස අපි සෞඛ්‍ය  සේවාව අතින් විශිෂ්ට තැනක පසුවන්නෙමු. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සෞඛ්‍ය ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් පෙන්වීය. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමේ සිට විශේෂයෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවාව ලබා ගන්නා සාතිශය බහුතරයකට සෞඛ්‍ය සහන රැසක් හිමි විය. එහි තවත් පියවර කිහිපයක් ඉදිරියට යමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන  සංස්ථාව (SPMC) රටට අවශ්‍ය ඖෂධ රැසක් නිෂ්පාදනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සෑම අතින්ම සන්නද්ධ කිරීමට ඉතා වැදගත් වැඩකොටසක් කරමින් හිඳියි. 2020 වසර වන විට රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිපදවීමේ ඉලක්කය හඹා යන ඔවුන් මේ වන විටත් ඖෂධ නිෂ්පාදනයේ ජයග්‍රහණ රැසක් අත්පත්කර ගෙන හමාරයි. 

පසුගිය දිනවල විශේෂයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයයි. ගෙවුණු 23 වැනිදා එම විවේචනාත්මක සාකච්ජාව අවසන් වූයේ නිලවරණයේ ජය සුරේෂ් - මැක්සි කණ්ඩායම තහවුරු කිරීමෙන් අනතුරුවය. දැන් අවශ්‍ය වන්නේ ඉදිරි කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ මඟපෙන්වීමෙන් රටක් ලෙස අත්පත් කරගන්නා ක්‍රීඩාමය ජයග්‍රහණ ඉලක්ක කිරීමය. එම ඉලක්ක ජාතික ක්‍රීඩා සංගම වෙත එන්නත් කිරීමය. ක්‍රීඩකයන් ජයග්‍රහණයේ මාවත කරා ඔසවා තැබීමය. විශේෂයෙන් ඔලිම්පික් පදක්කම් සිහිනයන් සැබෑවක්කර ගැනීමය.

පසුගිය දිනවල විශේෂයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයයි. ගෙවුණු 23 වැනිදා එම විවේචනාත්මක සාකච්ජාව අවසන් වූයේ නිලවරණයේ ජය සුරේෂ් - මැක්සි කණ්ඩායම තහවුරු කිරීමෙන් අනතුරුවය. දැන් අවශ්‍ය වන්නේ ඉදිරි කාලය තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ මඟපෙන්වීමෙන් රටක් ලෙස අත්පත් කරගන්නා ක්‍රීඩාමය ජයග්‍රහණ ඉලක්ක කිරීමය. එම ඉලක්ක ජාතික ක්‍රීඩා සංගම වෙත එන්නත් කිරීමය. ක්‍රීඩකයන් ජයග්‍රහණයේ මාවත කරා ඔසවා තැබීමය. විශේෂයෙන් ඔලිම්පික් පදක්කම් සිහිනයන් සැබෑවක්කර ගැනීමය.  

ජාතික වෙඩි තැබීමේ සංගමයේ වත්මන් සභාපති ශිරන්ත පීරිස් මහතා උපසභාපතිව සිටි සමයේ සිදු කරන ලද මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව අපි තොරතුරු අනාවරණ කළෙමු.

ඡන්ද උණුසුම සමග උතුරු පළාත කෙසේද යන්න පිළිබඳව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා සමග සිදු කළ සංවාදයක සංශිප්තය පහතින් දැක්වේ.

යහපාලන රජය පිහිටුවීමෙහිලා පුරෝගාමී වූ එජාපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා හැඳින්විය හැකිය. නව වසරත් සමග රජයේ ඉදිරි ගමන ගැන ඔහු සමග කළ සාකච්ඡාවකි මේ.

නවතම පුවත්

මැයි 24, 2019

ඥානසාර හිමි කළගුණ සලකයි 

ජනාධිපති පොදු සමාව ලබා නිදහස් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ එම මව ඊයේ (23) රාත්‍රියේදීම…

මැයි 24, 2019

ජනාධිපති අධිකරණයත් නැටෙව්වාද? (VIDEO)

ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ රටේ අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම නොවේද යන්න සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය…

මැයි 24, 2019

ගාන්ධිලාට යන-එන මං නැතිකළ අපේ තුල්සි

තවමත් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර නොමැති ඉන්දීය මහ මැතිවරණය මේ වනවිට ලොවපුරා දැඩි කතාබහට ලක්ව…

මැයි 24, 2019

මීළඟ ජනපති - අගමැති ගැන මේ මොහොතේ කතා කිරීම පිළිකුලෙන් හෙළාදකිනවා - සජිත්

මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ…

Connect with Us

fb twitter youtube g ins in

Outbound wb